IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


කන්තලේ වාන් දොරටු අරියි

 

(මලිත් රාජපක්ෂ සහ අමදෝරු අමරජීව )

ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග කන්තලේ ජලාශය උපරිම ජලධාරිතාවයට ලගාවිම වන අක්කර අඩි 114,000 ක ප්‍රමාණය සම්පුර්ණවිමත් සමඟ ජලාශයේ වාන් දොරටු සියල්ලම  ඊයේ (27) රාත්‍රියේ විවෘත කළ බව ජලාශය භාර කන්තලේ ප්‍රාදේශීය වාර්මාර්ග ඉංජිනේරු චින්තක එස්.සුරවිර මහතා පැවසිය.

දිවයින හා ඒ අවට ප්‍රදේශයට බලපෑ ඇති 'දිත්වා' සුළි කුණාටුවේ වර්ධනයත්  සමග ජලාශයේ ඉහළ ජල පෝෂක වලින් ලැබෙන වර්ෂාපතන හා ජලාශයට ජලය ලැබෙන  ප්‍රධානතම ක්‍රමවේදයක් වන මින්නේරිය කන්තලේ යෝධ ඇලෙහි ගලාඑන අඛණ්ඩ ජල සමග කන්තලේ ගොවිබිම් යම් ප්‍රමාණයකින් ආරක්ෂා කරගැනිම හා ජලාශය ආරක්ෂා කරගැනිමේ අරමුණින් මෙලෙස ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 03 බැගින් ද වාන් දොරටු 04 ක් අඩි 01 බැගින්ද විවෘත කර ඇත.

එමගින් තප්පයට ඝණ අඩි 4010  ක ජලධාරිතාවක් ද එම ජලය නිසා පේරමඩුව හා වාන්ඇල වැව් පිටාර දමන බවත් එම ජලයත් කන්තලේ , වාන්ඇල හා සුරියපුර හරහා මහවැලි ගඟට මුදා හරින බවත් මහවැලි ගගේ  කන්තලේ ද්‍රෝණිය ආශ්‍රිතව ජනතාව මේ පිළිබදව සැලකිලිමත්වන ලෙසද වැඩිදුරටත් පැවසිය.

 



අදහස් (0)

කන්තලේ වාන් දොරටු අරියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 249 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1128 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site