IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කන්නන්ගරේ සංගීත ඒකකයට සිසුවෙක් ගිනි තියලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ සංගීත ඒකකය ගිනි තබා වනසා ඇත්තේ එම පාසලේම 8 ශ්‍රේණීයෙ සිසුවකු යැයි සිදු කළ  මූලික පරික්ෂණවලින් අනාරණය වූ බව පොලිසිය කියයි.

ඒ සදහා තවත් පාසලක සිසුවකුද හවුල් කරගෙන ඇති බව ආණමඩුව පොලිසිය සිදුකළ මූලික විමර්ශණවලදි තහවුරු කර ගැනිමට  සමත්ව ඇත.

කන්නන්ගර විද්‍යාලයෙ සංගීත ඒකකය ඉකුත් 4 දින සවස ගිනි ගැනිමකින් විනාශ විය.

ගින්න අනෙක් ගොඩනැගිලි වෙත යාම වැලැක්විමට  විදුහල්පතිවරයා හා  ගුරුවරුන් පිරිසක් කටයුතු කිරීම  නිසා  දැවැන්ත විනාශයක් වළකා ගැනිමට සමත්ව තිබුනී.

එම ගිනි ගැනිමේන් සංගීත ඒකකයෙ තිබු ලක්ෂ 20 කට අධික උපකරණ සියල්ලම ගින්නට හසුව විනාශ වී තිබු අතර ගොඩනැගිල්ලට සිදුවු හානිය රුපියල් ලක්ෂ 70 කට අධික බව විදුහල්පති විමල් විජේරත්න මහතා පවසන්නට විය.

අහම්බෙන් විදුහල්පතිවරයා හා ගුරුවරුන් පිරිස පාසල් පරිශ්‍රයට නොඑන්නට නැටුම් ඒකකය හා එහි තිබු ලක්ෂ 40 කට ආසන්න උපකරණ ද ගින්නට හසුව විනාශ වන බව පැවැසීය.

මෙහිදි අදාල සිසුවාගෙන් බුද්ධි අංශ නිළධාරීන් විසින් කළ ප්‍රශ්න කිරීම් වලදි හෙළිව ඇත්තේ දිවුල් ගසේ දිවුල් කැඩිමට ගැසු ගලක් සංගීත ඒකකයෙ ජනේලයක විදුරු බිදි ගිය බවත් බිදි ගිය විදුරුවෙන් තමන් දුම්වැටිය පානයට රැගෙන ආ ගිනි පෙට්ටයේ ගිනි කුරු දල්වමින් සංගීත ඒකකයට දැමු බවයි.

මෙසේ සංගීත ඒකකය ගිනි තබා වනසා දැමිම ගැන කිසිදු තොරතුරක් සිසුවා බුද්ධී නිළධාරින්ට ලබා දී නැති බව කියයි.

 

 



අදහස් (5)

කන්නන්ගරේ සංගීත ඒකකයට සිසුවෙක් ගිනි තියලා

Lalla Tuesday, 06 August 2024 10:10 PM

එයාගේ තාත්තා අම්මා දෙන්නා පරණ ජවිපෙ සාමාජිකයෝ.. මතකයි නේද ඒ කට්ටිය ස්කෝල ගිනි තියපු විදිය...?

:       4       1

VIDEV NUGAWELA Tuesday, 06 August 2024 10:47 PM

මට අසාධාරණ සැලකිල්ලක් ලැබුණත්, මම ඒවා පුච්චනවා...

:       1       0

යෝගා Tuesday, 06 August 2024 11:47 PM

වෙඩි වැදිලා මැරිච්චි කෙනෙක් සංසාර පුරුද්දට පොදු දේපල ගිනි තියලාද කොහේද?

:       2       0

Pradeep Kumara Wednesday, 07 August 2024 07:53 AM

මොකක්ද මේ ළමයින්ට වෙලා තියෙන්නේ? 8 පන්තියේ ළමයෙක් දුම්වැටි දල්වන්න පාසලට ගිනිපෙට්ටි ගේනවා, තමන් ඉගෙන ගන්න පාසලේ උපකරණ මෙලෙස විනාශ කර දමන්න තරම් ඔහුගේ මානසිකත්වය සැකසුනේ කොහොමද? අපේ කාලේ අපි පාසලට, ගුරුවරුන්ට දේවත්වයෙන් සැලකුවේ.

:       0       10

Jayasekara Wednesday, 07 August 2024 09:24 AM

අනේ අම්මෝ මෙහෙමත් ළමයි... දැක්කාම බඩ පපුව හෝස් ගාලා යනවා... මාත් ඉස්කෝලේ සංගීත කණ්ඩායමේ හිටියා අපි කොච්චර ආදරෙන් ද හිටියේ අපේ සංගීත බඩු වලට වැදලා වැඩ පටන් ගන්නේ

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site