
(නිමල් ජයරත්න)
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් ආහාර ප්‍රශ්නයක් මුල් කරගනිමින් 12 සවස ඇති කරගත් ගැටුමකින් රැඳවියන් විසිපස්දෙනකු පමණ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙම ගැටුම අතරවාරයේ තවත් රැඳවියන් පනස්දෙනකු පමණ කන්දකාඩු පුනරුත්ථාපන කඳුරෙන් පලාගොස් ඇති අතර ඔවුන්ගෙන් 25 දෙනකු පමණ මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී පැවසීය.
පලාගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව, පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පලා ගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට ගැනීමට සෝමාවතිය ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වයන් එම මෙහෙයුමට බාධාවක් වී ඇති බවද සිල්වා මහතා කීය.
දොළොස් වෙනිදා දහවල් ආහාර පෝලිමේ රැඳී සිටි දෙපරිසක් අතර මෙම ගැටුම ඇතිවී අතර ඔවුන් ගල්මුල් වලින් හා පොලු වලින් ප්‍රහාර එල්ල කරගෙන තිබෙන බවද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ යුද හමුදා උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
මෙම ගැටුමෙන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති රැඳවියන්ගෙන් බරපතල තත්ත්වයේ තුවාල ලැබුවන් කීපදෙනෙකු පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබෙන බව වැලිකන්ද රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසීය.

2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්දකාඩු ගුටිකෙළියෙන් 25ක් රෝහලේ: 50ක් පැනයති