IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කන්දකාඩුව යළි ඇවිලේ

(නිමල් ජයරත්න)

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද සවස හයට පමණ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රඳවියන් දහදෙනකු සහ හමුදා සෙබළකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.

මෙම ගැටුමට හේතුවෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර රැඳවියන් විසින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙයි සහ තවත් ස්ථාන කිහිපයක දේපළවලට අලාභ හානී කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළ අලාභ හානි කිරීමට සම්බන්ධ යොදා ගත් යකඩ පොලු සහ මුගුරු මෙන්ම ගැටුමක් ඇතිකර ගැනීමට යොදාගත් බව කියන පොලු මුගුරු සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (3)

කන්දකාඩුව යළි ඇවිලේ

Lalla Monday, 05 February 2024 02:20 AM

මධ්‍යස්ථානය පාලනය කිරීමේ ප්‍රශ්නයක් නොවේද..ඔලුව ඉදිමුන අමානුෂික නිලධාරීන් සහ මෙවැනි කටයුතුවල පුහුණුව නැති අයවලුන් පාලනයට යෙදවුමේ විපාකය. අනික රැඳවියන් සංඛ්‍යාව වැඩිකම...

:       0       3

Pradeep Kumara Monday, 05 February 2024 08:51 AM

කන්දකාඩුවේ පාලනාධිකරණය ඉතාමත් දුර්වල බවයි පෙනෙන්නේ. කීප වතාවක්ම ගැටුම් ඇති වුවත් ඒවා නැවත නොවීමට කිසිදු සැලසුමක් ඔවුන් සතුව නෑ. කරුණාකර මේ පුද්ගලයන් ඉවත්කර සුදුසුකම් ලත් පිරිසකට පාලනය භාර දෙන්න.

:       0       3

Amal Monday, 05 February 2024 09:40 AM

"යළි ඇවිලේ", හරියට "ඉපිද මැරේ, යළි ඉපිදේ" වාගේ හැමදාම මෙහෙමයි. දැන් තවත් කොමිසමක් පත් කරයි !!!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site