
(නිමල් ජයරත්න )
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශනය ලබමින් සිටි රැඳවියන් සිව්දෙනකු අද(25) අලුයම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
පලා ගොස් ඇති රැඳවියන් ගාල්ල පෝද්දල, අක්මීන, මුලතිව්, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 29 ත් 34 යන වයස්වල පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
පැනගොස් සිටින සිව්දෙනාම විවාහක පුද්ගලයන් වන අතර ඔවුන්, අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, පොලිස් ස්ථාන කිහිපයකට ඒ පිළිබඳ පණිවිඩ ලබාදී ඇති බවත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.
ඔවුන් පලායාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මීට පෙර අවස්ථා කිහිපයකදීම රැඳවියන්, ආහාර ප්‍රශ්න හා පහසුකම් ප්‍රමාණවත් නොවන බවට පවසා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සෙබළුන් සමග ගැටුම් ඇති කරගෙන පලා ගිය අවස්ථා කීපයක්ම වාර්තා විය.
2025 නොවැම්බර් මස 04
829
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1776
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කන්දකාඩුවෙන් හතරක් පැන ගිහින්
Kamal Koyrala Tuesday, 25 February 2025 03:05 PM
මුන්ටත් බූස්සේ ආහාර වේලම දෙන්න තලපත් / පලතුරු සමග එවිට ගැටුම් පාලනය කල හැකියි