(මලිෂා ගුණවර්ධන)
කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 196 ක් අද (10) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ඊයේ (9) වාර්තා වූ රෝගීන් 56 දෙනාත් සමඟ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කරන කන්දකාඩු මධ්‍යස්ථායෙන් වාර්තා වන මුළු කොරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව 252 කි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් 196ක්
සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 04:28 AM
දෙවියනේ...! මේ රට හොඳ මට්ටමටම පත්වුණා පමණයි. මේ මත්ද්‍රව්‍ය කාරයින් නිසා සිදුවූ හදියක්... මත්ද්‍රව්‍ය කාරයින් බැලීමට එන ඥාතීන්ට හෝ කිසිවකුට ඔවුන් බැලීමට ඉඩ නොතැබිය යුතුයි. නැතිනම් මෙයින්ම දෙවැනි රැල්ලත් නිර්මාණය වේවි..!!! ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ඇතුළු සියලු උපස්ථායකයින් වෛද්‍යවරුන් ඇතුළු සැමදෙනා බොහෝම පරිස්සම් වීම ඉතා වැදගත්.. මේ කර්ම වසංගතය මේ රටින් තුරන් කිරීමට ද්‍රව්‍ය කාරයින්, ගංජාකාරයින් ගැන ඉතා පරිස්සමින් කටයුතු කළ යුතුයි.
ravi Friday, 10 July 2020 08:16 AM
මෙන්න මෙව්වා තමයි මත්ද්‍රව්‍ය සහ මත්පැන්වල පලවිපාක. මෙලෝ සිහියක් නැතිව, කිසිම වගකීමක් නැතිව ඔහේ ගහනවා.
de silva Friday, 10 July 2020 08:58 AM
අපි නොදන්නවා වුණාට.., රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් දහස් ගණනක් මේ සමාජයේ ඉන්නවා. ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ PCR පරීක්ෂණයෙන් පමණි. විශාල සංඛ්‍යාවක් එකම ශාලාවක නවාතැන් ගන්න හමුදා බැරැක්ක, නිරෝධායන, මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථාන වල රෝගය පැතිරීම වැඩිය. මේ රෝගයට අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැත.
සපුමල්.Friday, 10 July 2020 01:09 PM
ඩී. සිල්වා මහතා, නිකං සුරංගනා කතා කියන්න එපා.. ඔබ කෙසේ එහෙම පවසන්නද? ඔබ කියන ආකාරයට දහස් ගණන් සමාජයේ වෛරසය තැන්පත් වූ අය සිටිනවා නම් මෙලහකට ලංකාව පුරාම ඉන්න ඔක්කොම රෝගීන්නේ.. නිකං හිතළු නොකියා වැදගත් දෙයක්, ඔප්පු කළ හැකි දෙයක් පමණක් කියන්න.
ජයරත්න Friday, 10 July 2020 09:02 AM
සියලුම ආකාරයේ මහජන පොදු රැස්වීම් පාලනය තහනම් කළයුතුයි.
wedage Friday, 10 July 2020 09:21 AM
කන්දකාඩු අනාගත්තා, බලලෝභයෙන් ඔලු පිරිච්ච, ඉක්මණටම ඡන්දෙ තියන, දේශපාලකයින් පිරිච්ච, මුලු ලෝකෙට ණය කෙරිච්ච,.. මේ මගේ රට ශ්‍රී ලංකාවයි.
තෙමාල් Saturday, 11 July 2020 12:22 AM
අපේ රටතුල තාම තියෙන්නේ පැරණි දේශපාලන ක්‍රමවේදයක්? මේ කොරෝනා නාමයෙන්වත් එ් ක්‍රමයෙන් මිදෙනවා නම් හොඳයි. ඔය මහජන රැස්වීමට එන්නේ එම පක්ෂයට ඡන්දෙ දෙන කෙනා. එම පක්ෂයේ අපේක්ෂකයින්ගේ හිතවාදින්. එමනිසා ඔය මහජන රැස්වීම් නවත්වලා එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කරන වැඩපිලිවෙලක් ඇතිකරලා එම පක්ෂයෙන් ඒ ඒ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ නාමලේඛනයක් දාන්න.
mohomed Saturday, 11 July 2020 03:35 AM
මීටරේ දුර ජනාධිපතිතුමාවත් පිළිපදින්නේ නැතිනම් ජනතාව කොහොමද පිළිපදින්නේ? පිටරට අපිට බෝම්බ කිව්ව විෂබීජය කිව්වත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කොහොමද?