IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාන්තා කාමරයට බඩ ගෑ එස්.ටී.එෆ් කොස්තාපල් ගෙදර

(ගයාන් සූරියආරච්චි)

කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා නිලධාරිනියන්ගේ භට නිවාසයට ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන එස්.ටී.එෆ්.කොස්තාපල්වරයාගේ වැඩතහනම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා උපදෙස් ලබාදී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය මාන්කුලම් කඳවුරෙන් වෙරළබඩ පොලිසියට අපරාධ මෙහෙයුම් සදහා අනුයුක්ත කරනු ලැබූ කොස්තාපල්වරයෙකි.

එම විෂමාචාර ක්‍රියාව සැලවීමත් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා විසින් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ද අරම්භ කිරීමට උපදෙස් ලබාදී තිබුණි.

කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කිරීමට විශේෂ කාර්ය බළකාය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

 



අදහස් (4)

කාන්තා කාමරයට බඩ ගෑ එස්.ටී.එෆ් කොස්තාපල් ගෙදර

Kapila Monday, 13 May 2024 06:59 PM

පොලිස් කොස්තාපල් වරුන් ට ගෙදර යන්න නිවාඩු දුන්න නම් ඔහොම වෙන්නේ නෑ.

:       9       9

පිටිගල මිලානෝ Monday, 13 May 2024 07:30 PM

බාදුරා මලක්ද කිඩාරම් මලක්ද…

:       9       5

Perera Tuesday, 14 May 2024 10:04 AM

විශේෂ කාර්යයකට වෙන්ඩ ඇති ගිහින් තියෙන්නේ මයේ හිතේ

:       0       2

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 14 May 2024 01:41 PM

ඔව් ඉතින් ඔය වගේ හාල් පාරුවන්ට එරෙහිව විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අර නිලන්ත ජයවර්ධන කියන එකාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග දීලත් ඌ තවම සැපසේ කල්ගත කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site