IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා - සුජීව සේනසිංහ

(නිමල කොඩිතුවක්කු)

රටේ ආර්ථිකය ශක්තිමත්  කරමින් කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉලක්ක ගත වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව  ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කොළඹදී පැවසීය.

ලෝක වෙළඳ  මධ්‍යස්ථානයේ පිහිටි ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙසේද කීවේය.

     ‘‘මහින්ද  රාජපක්ෂ මහතා රට බාර ගන්න විට දළ ජාතික නිෂ්පාදනයෙන්  අපනයන 34%ක් වගේ තිබුණා. ඒක  14%කට වඩා බස්සලා තමයි අපිට දුන්නේ.

අපනයන සඳහා ප‍්‍රමුඛත්වය දෙන්න අපි සැළසුම් කරලා තියෙනවා.   පෞද්ගලික අංශය රජය එක්ව අපි අපනයන ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරලා තියෙනවා. එයට අනුව අපි මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.

රුපියල් බිලියන 11 කට වගේ තිබුණු අපනයන ප‍්‍රමාණය බිලියන 16 කට වගේ නංවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මේක බිලියන  40 දක්වා ඉහළ නංවන්න පුලූවන්නම්  ඩොලර් එකෙන් රුපියලට වන බලපෑම වළක්වා ගන්න පුලූවන්.

රුපියල ශක්තිමත් කරනකන්  අපනයනය වැඩි කර ගත යුතුයි. අපේ  ආණ්ඩුවක් නොතිබුණ නිසා අවුරුදු 20ක් තිස්සේ අපනයන වැඩිකරගන්න අපිට අවස්ථාවක් ලැබුනේ නැහැ. අපනයන කරුවන්ගේ ප‍්‍රශ්න මේ වනවිට අපි සියයට 98ක් පමණ විසඳලා තියෙනවා.

රුපියල් බිලියන 11 ක් වන අපේ අපනයන  ආදායාමෙන් බිලියන පහ මාරක මුදලක් අපිට ලැබෙන්නේ ඇඟලූම් කර්මාන්තයෙනුයි.

අපනයන සඳහා කාන්තාවන් පුහුණු කිරීම අපි මේ වනවිට කරගෙන යනවා. මගේ වැඩ පිලිවෙළක් යටතේ මේ වනවිට කාන්තාවන් 10,000ක් පුහුණු කරලා තියෙනවා.   ඒ පුහුණු කිරීම සඳහා එක් කාන්තාවකට  රුපියල් 80,000ක් පමණ වැය වෙනවා. දැන් ඒ කාන්තාවන්  රුපියල් තිස් දහසේ සිට ලක්ෂයක් දක්වා මුදලක් නිවසේ සිට උපයනවා.

මේ පුහුණු කිරීමට අවශ්‍ය මුදල් දිරිය කාන්තාවන් කියන වැඩසටහන මගේ පදනමක් යටතේ ලබා දෙනවා. ඒ සඳහා මම ලක්ෂ 140ක මුදලක් වෙන් කරලා තියෙනවා. 2025 වන විට ලක්ෂයක පිරිසකට මේ යටතේ පුහුණුව ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

පුහුණු ව ලැබූවන් සඳහා දැන් අපිට ඇනවුම් ලැබී තිබෙනවා. මේ වනවිටත් අපිට බෑග් 10,000 ක ඇනවුමක්  ලැබිලා තියෙනවා. මේ සියලූ ලාභය යන්නේ අපේ කාන්තාවන් සඳහායි. ඉදිරියේදීත් අපිට ප‍්‍රමුඛ සමාගම් වලින් ඇනවුම් රැසක් ලැබිලා දීලා තියෙනවා.

මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න සියලූ පිරිස්  සඳහා ඉදිකට්ටේ නූලේ ඉදන් සියලූ දේ අපි නොමිලේ ලබා දෙනවා. එම පුහුණුවත් අපි සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා. මෙයට සම්බන්ධ වෙන්න කැමති පිරිස් ඉන්නවනම් දිරිය කාන්තාවන් වැඩසටහනේ 0766 670 465 යන දුරකතන අංකයට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලිමක් කරනවා’’ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා - සුජීව සේනසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site