IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


කාන්තාවක් පැහැරගත් සිවිල් ආරක්ෂයාට වැඩ වරදී

(   සිතුම් චතුරංග)

රුපියල් ලක්ෂ පහක කප්පමක් ලබාගැනීම සඳහා කාන්තාවක් පැහැරගෙන  ගිය සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනකු වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පූවරසන්කුලම පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී  සිටිමින් පසුගිය 11 වැනිදා සිවිල් ආරක්ෂක භටයා ඇතුළු පිරිස කාන්තාව පැහැරගෙන ගොස් වවුනියාව ආච්චිපුරම් හි පාළු නිවසක සිරකර ඇයගේ දියණියට දුරකථන ඇමතුම් ලබාදී කප්පම් මුදල් ඉල්ලා ඇති බවද පොලිසිය පැවසීය.          

පැහැරගත් කාන්තාව විදේශරටවල්වල සේවය සඳහා පිරිස් යවන කාන්තාවක් බවත් ඇය සැකකරුවන් සමඟ තිබූ මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවට විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය සඳහන් කළේය.

කොළඹ ප්‍රදේශයේ සිට නැවත නිවසට පැමිණෙමින් සිටියදී කාන්තාව පැහැරගෙන ඇයගේ දියණියට ඇමතුම් ලබාදෙමින් සැකකරුවන් පවසා ඇත්තේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බවත් විමර්ශනයක් සඳහා මව අත්අඩංගුවටගෙන ඇති බවත්ය.

මුදලින් ලක්ෂ පහක් ගෙවා මව ගෙදර ගෙනියන ලෙසත් මුදල් නොදෙන්නේනම් අම්මාගේ මිනිය නිවසට එවන බවත් පවසා ඇතැයි පැමිණිල්ලේ සදහන් බව පොලීසිය කියයි.

පැහැරගත් කාන්තාවගේ දියණිය දුරකථන ඇමතුම ලැබු සැණින් පූවරසන්කුලම පොලිසිය සිදුකළ පැමිණිල්ලක් අනුව පොලිස් උපාය ධූතයින් යොදවා සැකකරුවන් හට මුදල් ලබාදෙන මුවාවෙන් මෙම වැටලීම සිදුකළ බවත් එහිදී පාලු නිවසක රඳවා සිටි කාන්තාව නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවූ බවද පොලිසිය පැවසීය.

කාන්තාව පැහැරගැනීම සඳහා යොදාගත් ත්‍රීරෝද රථ දෙකක් එම ස්ථානයෙන් පලාගොස් තිබූ අතර එම ත්‍රීරෝද රථ සහ එහි රියදුරන් දෙදෙනකු සොයා විමර්ශන සිදුකරන බවත් කීය.

සැකකරුවන් වවුනියාව , කිලිනොච්චිය , මුලතිව් ප්‍රදේශයේ පදිංචි 26ත් 49 අතර වයසේ පසුවන්නෝ වෙති.

 



අදහස් (0)

කාන්තාවක් පැහැරගත් සිවිල් ආරක්ෂයාට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 253 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site