(ටී.කේ.ජී.කපිල )
රුපියල් හැට එක් ලක්ෂ විසි පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක අද(21) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය කළුබෝවිල ප්‍රදේශයේ පදිංච් 44 හැවිරිදි මැහුම් සේවිකාවකි . ඇය සිය 07 හැවිරිදි කුඩා දියණිය සමග මෙම දුම්වැටි තොගය රැගෙන විත් තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනස් කිරිම සදහාය .
ඇය විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ මෙම " විදේශීය නිෂ්පාදිත දුම්වැටි 35,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 175 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කාන්තාවක් දුම්වැටි සමඟ ගුවන්තොටේදී හසු වෙයි