(අමදෝරු අමරජීව සහ චාපා මධුභාෂිණි)
ත්‍රිකුණාමලය සහ පොලොන්නරුවේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් වැව් රැසක් වාන් දැමූමට පටන්ගෙන ඇතැයි වාරිඉංජිනේරුවෝ පවසති.
කන්තලේ වැවේ වාන්දොරුට 10න් හතරක් අඩිය බැඟින් විවෘත කළ බව වාරි ඉංජිනේරු පී.ආර්.වීරසූරිය මහතා පවසයි. එම දොරටුවෙන් තත්පරයකට ඝන අඩි 8000ක ජල ධාරිතාවක් නිකුත් කරන බව ද වීරසූරිය මහතා කියයි.
කන්තලේ වැවේ රඳවාගත හැකි ජල ධාරීතාව අක්කර අඩි 114000කි. දැන අක්කර අඩි 106000ක ජල ධාරිතාවක් පවතින බව ද ඉංජිනේරුවරයා කියා සිටියේය.
මේ අතර කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු දොළහෙන් දොරටු දෙකක් අඩිය බැඟින් විවෘත කළ බව කවුඩුල්ල ප්‍රධාන වාරි ඉංජිනේරු පුනර්ජි දඹෝරගම මහතා පවසයි.
මේ වන විට කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 98,000 දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. විවෘත කළ දොරටුවලින් තත්ත්පරයකට ඝන අඩි 630ක ජල ධාරිතිවක් පිට කෙරේ.
මින්නේරිය අගලවාන ඔස්සේ කවුඩුල්ල ජලාශයට තත්ත්පරයකට ඝන අඩි 1000ක පමණ ජල ධාරිතාවක් ගලා එන බවත් ඒ හේතුවෙන් කවුඩුල්ල ජලාශයේ ජල ධාරිතාව ඉහළයාම නිසා එහි වාන් දොරටු විවෘත කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කන්තලේ - කවුඩුල්ල වාන් දොරටු අරී
Bamunuarachchi Tuesday, 11 January 2022 07:39 AM
වැඩක් නොගෙන මේ වතුර මුහුදට යනවාද?