(අමදෝරු අමරජීව)
එංගලන්තයේ රජු වන තුන්වැනි චාල්ස් රජුට හා රජ බිසව වන කැමිලා බිසවට රාජාභිෂේකයට සුබ පැතුම් එක්කළ කන්තලේ තරුණයකුට රජුගේ හා බිසවගේ අත්සනින් යුතුව සුබ පැතුම් එක් කළාට ස්තුතිය පළ කරමින් බකීම් හෑම් මාලිගය විසින් කාඩ්පතක් හා තැපැල් කර එවා තිබේ.
රාජාභිෂේකය වෙනුවෙන් තමන් සකස් කළ රුපියල් 300/ මුද්දර අලවා එංගලන්තයේ බකීම් හැම් මාලිගාවාට යැවූ බවත් මෙම සුබ පැතුම් පතට රජු පවුලේ ඡායාරූපයක් හා අත්සන් සහිත ස්තුතිය පලකර බකීම්හැම් මාලිගයෙන් එව් කාඩ්පතක් තමන්ට ඉකුත් 15 වැනිදා ලැබුණු බවත් කන්තලේ ආර්.ඩබ්ලිව්. මලිත් තිවංක තරුණයා පවසයි.
කන්තලේ, වෙන්ධ්‍රාසන් පුර යුනිට් 16 පදිංචි ආර්.යූ. මලින් තිවංක තරුණයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීය. රාජාභිෂේකයට සුබ පැතුම් එක් කිරීමට මම රජ පවුල ආමන්ත්‍රණය කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ඇති විශේෂ වචන මාලාවක් අන්තර් ජාලයෙන් සොයාගෙන මම මේ සුබ පැතුම යැව්වා. ඒත් පිළිතුරක් ඒවි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.
රාජකීය පවුලේ නිල මුද්‍රාව සහිත ලිපි කවරයට බහා මට ස්තුති කර කාඩ්පතක් මට එවා තිබුණා. බකීම්හැම් මාලිගයෙන් මෙවැනි පණිවුඩයක් ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට ලැබෙන්නේ ඉතා කලාතුරකින් යැයී කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කන්තලේ කොල්ලකුට රජ පවුලෙන් ලියුමක් ඇවිත්
Anton Narangoda Wednesday, 19 July 2023 09:00 AM
ඉතා කදිමයි. හොඳ පියවරක්...... සුභ පැතුම්...... සහ සියලු සුභ පැතුම්.
janahitha Wednesday, 19 July 2023 09:14 AM
ශා මරුනේ. මෙම තරුණයා අපේ රටේ රජකමට සුදුසුයි
hasitha Wednesday, 19 July 2023 11:28 AM
අපේ මහින්ද මහත්තයා අවුරුද්දට සුබපැතුම්... SMS එව්ව ඒවා ඔයාලට මතක නෑ...
Ruwan Wednesday, 19 July 2023 11:50 AM
තවමත් සුද්දන්ට කත් ඇදපල්ලා .අපේ රටට කරපු විනාශය දන්නේ නෑ කවුරුත් දැන්
Dhammika WickramasinghaWednesday, 19 July 2023 12:52 PM
හොඳයි
Bamunuarachchi Thursday, 20 July 2023 10:42 AM
මොකක්ද මිනිහෝ රටට කරපු විනාසේ? සුද්දා මෙරටට නොඑන්න උඹලා අපි තාම වඩුග පාලනය යටතේ. සිංහල නම් වලින් සිටිය වඩුගයෝ අපිව රාජ පරම්පරා 5 පාලනය කලා උන්ගේ ගැහැණු හිටියේ දෙමළ නම් වලින්. සුද්දා නොඑන්න උඹලා ඔලුව නමන්නේ ඒ දෙමළ බිසවලාට. සුද්දා නොසිටියානම් දෙවන ලෝක යුද්දේ දී අපිව ජපනා අල්ලාගෙන වහල්ලු කරගෙන. රටට පරිපාලන සේවයක්, පාර්ලිමේන්තු පාලනයක් හදලා දුන්නේ සුද්දා. සුද්දා නිසයි අද අපි අන්තර්ජාල පහසු කම් ලබන්නේ. මෙයා පරණ ජෙප්පෙක් වෙන්න ඕනේ.
Perere Wednesday, 19 July 2023 01:36 PM
මේක මහ ලොකු දෙයක් නෙවෙයි. ඕනම කෙනෙක් රජ තුමා ට සුබ පැතුමක් යැව්වොත් ඒකට ස්තුති කරලා ලිපියක් එවනවා එහෙම සම්ප්‍රදායක් තියනවා කියලා නොදන්න අයට මැජික්.
Bamunuarachchi Friday, 21 July 2023 04:25 AM
කවුද මෙතන නොදත් අය? තුම්සේ සුබ පැතුවේ නැහනේ. ඒ පුද්ගලයා සුභ පැතුවා ඒක පැසසියයුතු දෙයක්. ඔහේ නොම්මර එකේ කුහකයෙක්. මෙහෙව් කුහකයින්ටත් මේ රටේ ඉඩ තිබෙනවානේ. පව් ලංකාව