IMG-LOGO

කොන්ත්‍රාත්තුවක් දී පියා ඝාතනය කළ අජාසත් පුතා කොටුවෙයි

(ටි.එල්.ජවුෆර්ඛාන්)

තම පියා  ඝාතනය කිරීමට රුපියල් පනස් දාහක කොන්ත්‍රාත්තුවක් ලබා දී පියා කපා කොටා  ඝාතනය කළ පුතා ඇතුළු තවත් අයෙකු  මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මඩකළපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන ඒකකය කියයි.

අවුරුදු 22 වයසැති මිය ගිය පුද්ගලයාගේ පුතා සහ අවුරුදු 21 වන ඔහුගේ මිතුරෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරක්කුලම් කුඩාවෙට්ටි වැල්යාය ආරක්ෂාව සඳහා ඉඳිකළ තිබු  පැලක් තුළ කැපුම්  තුවාල  සමඟ සිටි   54 හැවිරිදි මෙම සිව්දරු පියාගේ මළසිරුර තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

ගොවියකු වන මොහු සමඟ ප්‍රතා නිතර ආරවුල් ඇති කරගන්නා බවත් පුතාගේ මුදල් ඉල්ලීම පියා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි පරීක්ෂණවලදී හෙලිවු තොරතුරු මත සැකකරන බව පොලීසිය කියයි.

ඒ අනුව කළ පරීක්ෂණවලින් හෙළිවූ කරුණු මත ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පුතු සහ මිතුරා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනය සදහා  භාවිතා කළ  පිහිය  , ලණුව ,ගල  යනාදී  පොලිස් බාරයට ගෙන තිබේ.

මේ සම්බන්ධව වැඩිදුර  පරීක්ෂණ  මඩකලපුව දිස්ත්‍රික්ක  අපරාධ විමර්ශන ඒකකය හා   කරදියනාරු පොලීසිය සිදුකරයි.ඔවුන් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (1)

කොන්ත්‍රාත්තුවක් දී පියා ඝාතනය කළ අජාසත් පුතා කොටුවෙයි

kamal Sunday, 20 March 2022 04:34 PM

තාත්තාගේ කකුල් පලලා ලුණු දාපු රාජ පරම්පරාවෙනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 759 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site