
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය (2024) ආරම්භ කරමින් පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (1) රාත්‍රී පැවැති තරගයේදී කැන්ඩි ෆෝල්කන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 කින් දඹුල්ල සික්සර්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.
කැන්ඩි ෆෝල්කන්ස් පිල ලකුණු 180 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 17.2 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 37) සහ දසුන් ශානක (නොදැවී 46) පස්වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 72 ක වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් කැන්ඩි පිල ජයග්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් වූහ.
දසුන් ශානක පන්දු 15 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල සික්සර්ස් පිලේ පළමු කඩුලු හතර ලකුණු 25 ක් තුළ බිඳවැටීමෙන් පසුව නවසීලන්ත ක්‍රීඩක මාක් චැප්මන් (නොදැවී 91) සහ යොවුන් පිතිකරු චමිඳු වික්‍රමසිංහ (නොදැවී 62) පස්වැනි කඩුල්ලට ලකුණු 154 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් තරගයට ශකතියක් ගෙන ඒමට සමත් වූහ.
දඹුල්ල සික්සර්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 179 (ධනුෂ්ක ගුණතිලක 11, මාක් චැප්මන් නොදැවී 91, චමිඳු වික්‍රමසිංහ නොදැවී 62, දසුන් ශානක 20/3) කැන්ඩි ෆෝල්කන්ස් පිල ඕවර 17.2 කදී කඩුලු 4 ට 183 (දිනේෂ් චන්දිමාල් 65, කමිඳු මෙන්ඩිස් 27, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 37, දසුන් ශානක නොදැවී 46, අකිල ධනංජය 29/1)
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැන්ඩි පිල කඩුලු 6 කින් ජයගනී