IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කැනඩා අගමැතිට අම්පාරෙත් විරෝධය

(ඩී. ඥාණසිරි හෙට්ටිආරච්චිගේ)

උතුරු නැගෙනහිර යුද සමයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සිවිල් ජනතාව සමූල ඝාතනය කරමින් මානව හිමිකම් කඩකර ඇති බවට කැනේඩියානු පාර්ලිමේන්තුවට එරට අගමැති ජස්ටින් ටෘඩෝ මහතා යොමු කළ යෝජනාවට විරෝධය පලකරමින් අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචි සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එක්ව පිහිටුවාගත් අම්පාර දිස්ත්‍රික් සියළු ජාතීන්ගේ එකමුතුව  සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අම්පාර නගරයේ දී පැවැත්විණි.

අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින සියළුම ජාතීන්ට අයත් පිරිස් ඉතා සාමකාමීව සහ සහජීවනයෙන් කටයුතු කරන වකවානුවක, අනවශ්‍ය ගැටළු මතුකරමින් ජනතාව අතර බේද බින්න ඇතිකිරීමට කැනේඩියානු රජය ගන්නා උත්සාහය හෙලාදකින බව ඔව්හු ප්‍රකාශ කලහ.

කැනඩා රජයේ අතපෙවීම් හෙලාදකිමින් භාෂා තුනෙන්ම සටන් පාඨ සදහන් පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් ඔව්හු විරෝධතාවයේ යෙදුනහ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව අතින් කිසිදු අවස්ථාවක ජන සංහාරයක් සිදුවී නොමැති බව පවසන විරෝධතාකරුවෝ, සුළු පිරිසකගේ අවශ්‍යතාවන් ඉටුකිරීම සදහා ශ්‍රි ලංකාවේ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සිදුකරන අතපෙවීම් නවතා දමන ලෙස කැනඩා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

කැනඩා අගමැතිට අම්පාරෙත් විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site