
(කේෂර ගුණතිලක)
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉඳිකෙරෙමින් පවතින සිව්මහල් ගොඩනැඟිල්ලකට කොන්ක්‍රීට් මිශ්‍රණ යොදා රැගෙන යමින් තිබූ යන්ත්‍රයක බටයක් පුපුරායාමෙන් කොන්ක්‍රීට් මිශ්‍රණ 15 වාට්ටුවේ වහලය මත වැටී සිවිලිම කඩාගෙන වාට්ටුව තුළට වැටීමෙන් මව්වරුන් තිදෙනෙකු, සිඟිත්තන් පස්දෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක් තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.
මෙම අනතුර සිදුවී ඇති 15 වාට්ටුවේ සිටින්නේ දරු ප්‍රසූතියෙන් පසු දරුවන් සමඟ සිටින මව්වරුන් සහ දරුවන්ය.
එකවරම පහළොවේ වාට්ටුවේ සිවිලිම කඩාගෙන කොන්ක්‍රීට් මිශ්‍රණ වාට්ටුව තුළට වැටී ඇති අතර එම මිශ්‍රණ දරුවන්ගේ සහ මව්වරුන්ගේ ඇඟවල් මතට පතිතවී තිබේ.
රෝහලේ සිටි සේවක සේවිකාවන් සහ වෛද්‍යවරු වහා ක්‍රියාත්මකවී තුවාල ලැබූ දරුවන් සහ මව්වරුන් ප්‍රථිකාර සඳහා යොමු කොට ඇත. ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.


2025 දෙසැම්බර් මස 18
599
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොන්ක්‍රිට් රැගෙන යන බටය පිපිරි සිඟත්තෝ තුවාල ලබති