IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාදිනල් තුමන්ගේ ආරක්ෂාව ගැන සොයා බලන්න

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ ආරක්ෂාවේ යම් අඩුවීමක් සිදුවී ඇති බවට වාර්තා වන්නේ යැයි ද  ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු කරන ලෙස ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එහිදී නැඟී සිටි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසූයේ කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශය කරන තෙක් තමාට ඒ පිළිබඳව අවබෝධයක් නොතිබූ බවයි. කාදිනල් තුමන්ගේ ආරක්ෂාව පිළිබඳ කඩිනමින් සොයා බැලීමට කටයුතු කරන අතර, උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ආණ්ඩු කිසිදු අවස්ථාවක පැකිලෙන්නේ නැති බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.කාදිනල් තුමන්ගේ ආරක්ෂාව පිළිබඳව අදම සොයා බලන බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.



අදහස් (7)

කාදිනල් තුමන්ගේ ආරක්ෂාව ගැන සොයා බලන්න

Bamunuarachchi Monday, 03 October 2022 06:17 PM

කතෝලික ජනතාවගේ මුදලින් වෙඩි නොවදින වීදුරු කුඩුවක් හදලා දෙන්න. අපි මුකුත් කියන්නේ නැහැ.

:       8       3

SISIRA Monday, 03 October 2022 10:55 PM

එයාට ජේසුපිහිටයි ???

:       2       2

Hira Monday, 03 October 2022 11:54 PM

කාදිනල්ට මොකටද බෝල ආරක්ෂාව .සර්වබලදාරී දෙවියෝ ඉන්නේ .අම්බෝ මේක පුදුම ලෝකයක්

:       0       0

ANAGAMIKA Tuesday, 04 October 2022 02:02 AM

අනෙකුත් ආගමික නායකකාරකාදී උතුමාණන් වහනසේලාටත් මෙවැනිම ආරක්ෂාවක් ලැබෙනවද? කරැණාකරල දන්න උගත් ඇත්තෙකුට පන්හිද හසුරැවන්න ඇහැක් වෙයිද? ස්තුතියි.

:       0       5

ප්‍රියන්ත සුමනදාස Tuesday, 04 October 2022 09:37 AM

එයාගේ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ NGO සල්ලි ඇතිවෙන්න කියනවා. පුද්ගලික ආරක්ෂක භටයෝ තියාගන්න ඔය රැට්ටා මැට්ටා ඩිලාන් වගේ ඈයොත් ඉන්නවානේ

:       2       4

පුරවැසියා Tuesday, 04 October 2022 12:15 PM

දැන් අර මහමොළකරු හොයන එක අතැරලා දාලද? ගොඩක් කාලෙකින් මහමොළකරු ගැන කතා කරනවා ඇහුනේ නැහැ.

:       0       4

BamunuarachchiWednesday, 05 October 2022 06:21 AM

මහමොලකරු මැරිලා අවුරුදු 1400කට වැඩිබව බමුණුආරච්චි කියා දුන්නට පසුව මහමොළකරු හොයන එක අතහැරලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site