
(බී.ජී. චතුරංග)
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට දමා හරස්කර එම සැකකරු මුදා ගැනීමට උත්සාහ දැරූ කාන්තාවන් හතරක් , පාසල් සිසුවකු ඇතුළු සැකකරුවන් 5ක්, අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පරසන්ගස්වැව මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 57, 45, 38, සහ 34 වියේ පසුවූ කාන්තාවන් 4ක් සහ 12 හැවිරිදි පාසල් සිසුවෙකි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නොවිසිදුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක ශ්‍රී මාල් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පොලිස් ජීප් රථයකින් පරසන්ගස්වැව සියඹලාගස්වැව පන්සල අසලට ගොස් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී, මෙම ප්‍රතිවිරෝධය සහ බාධා කිරීම සිදුව ඇති බව පොලිසිය කියයි.
යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකෑමේ , සිද්ධියක් සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේදී මැදගම, සියඹලා ගස් පන්සල අසලදී පැමිණි එම සැකකරුගේ ආච්චී, සීයා, පුංචි, ඇතුළු විස්සකට අධික පිරිසක් පොලිසියේ මඟ හරස් කර, පහරදීමට තැත් කර රාජකාරියට බාධා එල්ල කර ප්‍රතිවිරෝධය පා ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැති පොලු පොලිසියට පෙන්නූ පහක් මාට්ටු
අමල් Thursday, 28 November 2024 05:14 PM
අපේ ලාල්කාන්ත ළමයා, අධිකරණ බලය ගමට ලබාදීමේ මාලිමා ප්‍රතිපත්තිය, තමන්ගේ ගමෙන්ම පටන් ගෙන වගේ ! අන්න එහෙමයි පුනරුද යුගයේ පෙර ගමන්කරුවෝ...!
Janindu Perera Friday, 29 November 2024 09:35 AM
ආච්චී සීයාගේ ඉඳලා අවුරුදු 12 ළමයත් මෙහෙම නම් ඉපදෙන්න ඉන්න අය ගැනත් හිතාගන්න පුළුවන්. දැන්වත් හොඳ දඬුවමක් දෙන්න..!