
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ පාර්ලිමේන්තු කාර්යාලයේ නයකු හමුවීමෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ.
නයා කතානායකවරයා ආහාර ගන්නා ස්ථානයේ ජනේලයකින් ඇතුළු වීමට උත්සාහ දරා ඇති අවස්ථාවේදී එහි සේවකයන් මුලින්ම දැක ඇත.
පසුව ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ උද්‍යාන පාලක නයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
දියවන්නා ඔයෙන් පාර්ලිමේන්තුවට විවිධ සර්පයන් පැමිණීම කාලයක සිටම සිදුවන්නේය. මේ ආකාරයට නයින් ඇතුළු විවිධ සර්පයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් උද්‍යාන පාලක විසින් පසුගිය කාලයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් ආරක්ෂිතව ඉවත් කරනු ලැබ ඇත.
සර්පයන් වැඩි සංඛ්‍යාවක් මෙසේ හමු වී ඇත්තේ මල් පෝච්චි සහ මල් පඳුරු වැනි අඳුරු සහිත ස්ථානවල සිටියදීය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ කතානායක කාර්යාලයෙන් හමුවූ නයා එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කළ බවයි.
පාර්ලිමේන්තු පරිශ්‍රයට සර්පයන් පැමිණීම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතත් සර්පයන් පැමිණීම දිගටම සිදුවන බවද එම නිලධාරියා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
910
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2533
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කතානායක කන්තෝරුවට නයෙක් ඇවිත් කලබලයක්