IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කතරගම - මාතර ප්‍රධාන මාර්ගය අද සහ හෙට මැදවත්තෙන් හා තලල්ලෙන් වැසේ

(ජේ.ඉඳුරුවගේ)

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් අද (19 ) සහ හෙට (20) දහවල් 12. 00 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන් වනතුරු මාතර කතරගම ප්‍රධාන මාර්ගය මැදවත්ත කාර්මික විද්‍යාල හංදියෙන් සහ තලල්ල දකුණ මහා විද්‍යාලය අසලින් තාවකාලිකව වසා දමන බැවින් වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

එම කාලය තුළ තංගල්ල හෝ කතරගම දෙස සිට මාතර දෙසට යන වාහන විකල්ප මාර්ගයක් ලෙස තලල්ල කාර්මික විද්‍යාලය අසලින් දකුණට ඇති නාඔටුන්න මාර්ගයේ ගමන්කර, වියන්නරුව හංදිය සිට කැකනදුර රත්මලේ මාර්ගයෙන් කැකනදුර දෙසට ධාවනය කර, එතැන් සිට කැකනදුර හංදියෙන් මාතර කැකනදුර මාර්ගයේ මැදවත්ත හංදියට ධාවනය කර එතැන් සිට මාතර දෙසට ගමන්කළ හැකිය.

මාතර දෙස සිට තංගල්ල හෝ කතරගම දෙසට යන වාහන මාතර දෙස සිට කැකනදුර මාර්ගයේ ධාවනය කර කැකනදුර හංදියෙන් රත්මලේ කැකනදුර මාර්ගයේ ගමන්කර, දික්වැල්ල නගරයෙන් කතරගම දෙසට ධාවනය කළ හැකිය.

තවද, තංගල්ල දෙස සිට ගන්දර දක්වා ධාවනය වන සියළු රථවාහන දෙව්නුවර ඉන්දන පිරවුම්හල අසල දක්වා ධාවනය කල හැකි බවද පොලීසිය මහ ජනතාවට දැනුම් දෙයි.

 



අදහස් (1)

කතරගම - මාතර ප්‍රධාන මාර්ගය අද සහ හෙට මැදවත්තෙන් හා තලල්ලෙන් වැසේ

Lalla Friday, 19 July 2024 09:56 AM

මෙහෙමත් නාඩගමක්. හරියට ලංකාවේ ප්‍රධාන ආගම විෂ්ණු දේව වන්දනාව වගේ....

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site