(කතරගම එම්.කේ.නන්දසේන)
අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා සංගීත තරගයෙන් 2024 ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන (පිරිමි) ගිටාර් අංශයෙන් ප්‍රථම ස්ථානයත්, විශේෂ රාගධාරී ඒකල වාදන (පිරිමි) සන්තූර් ප්‍රථම ස්ථානයත්, හිමි කරගෙන ඇති අතර ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන පිරිමි දිල්රුබා අංශයෙන් දෙවන ස්ථානයත් ලබාගෙන ඇති බව විද්‍යාලීය සංගීත ආචාර්ය ජයන්ත වර්ණ කුලසූරිය මහතා පැවසීය.
මීට අමතරව සංගීත අභිමානී සම්මානය ද හිමිකරගෙන ඇතැයි කීය.මෙම තරගය ඉකුත් 26 දා කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයේදී පවත්වා ඇත.
රටතුළ ඇති පළාත් නවයම නියෝජනය කරමින් ශිෂ්‍යයින් 1000 ට අධික පිරිසක් සහභාගි වී ඇතැයිද පැවසීය. 2009 වර්ෂයේ සිට මෙි දක්වා කතරගම ජාතික පාසල හිමිකරගෙන ඇති 32 වන ජයග්‍රහණය මෙය බවද කියයි.
ජයග්‍රහණය ලැබූ ශිෂ්‍යයන් පිටුපස කතරගම ජාතික පාසලේ විදුහල්පතිනි ඩී. ජී. ඩී. දේශානි මහත්මිය සහ සංගීත උපදේශක ජයන්ත වර්ණකුලසූරිය මහතා මෙහි වෙති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කතරගම ජාතික පාසල සංගීතයෙන් දස්කම් පායි