(සිතුම් චතුරංග)
වවුනියාව ප්‍රදේශයේ ත්‍රි රෝද රථ රියදුරකු පැහැරගෙනගොස් යාපනය කෝපායි හි නිවසක රඳවා වද හිංසා කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු 11 දෙනකු අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.
නිවසක රඳවා සිටින පුද්ගලයකුට පහරදෙමින් වද හිංසා කරන බවට පොලිසියට ලැබුණ බුද්ධි තොරතුරක් මත යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස හා පැහැරගත් තිරෝද රථ රියදුරු නිවසේ කාමරයක් තුල බැඳ දමා සිටියදී සොයාගත් බව පැවසීය.
පැහැරගැනීමෙන් අනතුරුව දැඩිලෙස පහරකා බරපතල තුවාල ලබා සිටි වවුනියාව , පූවරසකුලම් පදිංචි නිල්ලනාදන් සුමන් නැමති 35 හැවිරිදි තිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති බවත් පැවසේ.
පොලිසිය පැවසූයේ තිරෝදරථ රියදුරු විදේශ රටකට යවන බව පවසා පැහැරගැනීමට සම්බන්ධ එක් කාන්තාවකගෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාගෙන ඇති අතර එම මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනා උදෑසන කුලී ගමනක් යෑම සඳහා ති රෝද රථ රියදුරුට වවුනියාව නගරයට පැමිණෙන ලෙස දන්වා සිට ඇති අතර එලෙස පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණ ඇති සැකකරුවන් පිරිස සමඟ කාන්තාවන් දෙදෙනා මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවට පොලිසිය පැවසීය.
පැහැර ගැනීම සඳහා යොදාගත් වෑන් රථය හා තවත් යතුරු පැදි තුනක් අත්අඩංගුවටගත් අතර සැකකරුවන් ත්‍රිරෝද රථ රියදුරු වෙනත් ප්‍රදේශයකට රැගෙනයාමට සූදානම් කොට සිටි බවත් පොලිසිය පැවසීය.
ත්‍රිරෝද රථ රියදුරුට මුදල් ලබාදුන් බවට සැකකාර කාන්තාවන් දෙදෙනා හට කිසිදු සාක්ෂියක් නොමැතිවීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවත් පහරදී වද හිංසා කර මුදල් ලබාදුන් බවට ලිපි සකස් කරගැනීම හා මුදල් ලබාගැනීමට සැකකරුවන් උත්සහකොට ඇති බවට විමර්ශනවලදී අනාවරණයවූ බවත් කීය.අත්අඩංගුවටගත් සැකකරුවන් කෝපායි පදිංචි 20ත් 40 අතර වයසේ පසුවන්නෝ වෙති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කතුන් දෙකක් රෝද තුනේ රියදුරු පැහැරගනී