IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි



(සුජිත් හේවාජුලිගේ)

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින්  පමණ  කපා දමා ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම නිල නිවසේ ආහාරපාන  වෙනුවෙන් පසුගිය කාලයේදී රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් මාසිකව වැය කර තිබූ බවද  ආරංචි මාර්ග පවසයි.

කතානායකවරයා එම නිවසේ පදිංචියට නොපැමිණීමට තීරණය කර ඇති නමුත්  පාර්ලිමේන්තුව වසා ඇති සති අන්තයේ විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හමුවන අවස්ථාවන්හිදී පමණක් ඒ ස්ථානයට පැමිණ එම කටයුතු වලට සහභාගි වන බව  පැවසේ.

මේ අතර කථානායක නිල නිවසේ උද්‍යානයේ ගස්  කොලං සහ තණනිල්ල නඩත්තුව සඳහා නළ ජලය යොදා ගැනීම නතර කරන ලෙස කතානායකවරයා උපදෙස් දී ඇත.

ඒ කටයුතු වෙනුවෙන් කතානායක නිල නිවස වටා පිහිටි   ජලාශයේ ජලය පමණක් යොදාගන්නා ලෙසත් ජලය  ගැනීමට මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා   සූර්යය කෝෂ යොදා යොදාගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් උපදෙස්දී ඇතැයි දැනගන්නට ඇත.

මේ අනුව මෙම උපකරණ මිලදී ගැනීම සඳහා මේ දිනවල කටයුතු කෙරෙමින්  පවතින බව දැනගන්නට ඇත.



අදහස් (8)

කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි

සිල්වා Monday, 05 May 2025 10:27 AM

සිරස්තල මැවීම නතර කරන්න. මහ ජනතාවගේ ජීවන වියදම පහත හෙළීමට කටයුතු කරන්න. ලුණු කැට කිලෝවක් 300/= යි. පොල් මිල සහ පොල් තෙල් මිල දිනපතාම වැඩි වෙනවා. පොල් තෙල් කිලෝවක මිල දහස ඉක්ම වෙලා. මේවාට විසදුම් නැතිනම් ආණ්ඩුවක් මොකටද?

:       16       29

fairoosMonday, 05 May 2025 11:16 AM

සිල්වා මහතයා ඔහොම හදිසි වෙන්න එපා... මේ වගේ ටිකෙන් ටික නාස්තිය සහ හොරකම් නැති වෙනකොට ඔය බඩු මිල අඩුවෙයි.

:       16       19

දිමුත්Monday, 05 May 2025 12:33 PM

අවුරුදු 5ක්ම ඔහොම කියන්න වෙයිද මහත්තයෝ...?

:       6       7

සිල්වා Monday, 05 May 2025 12:59 PM

නාස්තිය අවම කිරීම සහ වෙළෙද පොලේ මිල මට්ටම පාලනය කිරීම කියන්නේ දෙකක්. මෙම කාර්යයන් දෙකම කාර්යක්ෂම ලෙස ඉටුකිරීම රජයකට පැහැර හැරිය නොහැකි ඉතාම වැදගත් කරුණක්. කෝකටත් තෛල හරියන්නේ නෑ.

:       1       9

Bunny Preena Monday, 05 May 2025 11:28 AM

NPP රජය අරපිරිමැස්ම සහ නාස්තියේ වෙනස පෙන්වා දෙනකොට, සමහර something something හොයපු කට්ටියට සෑහෙන්න රිදෙනවා වගෙයි

:       7       21

රම්බොඩ Monday, 05 May 2025 12:50 PM

මේවා බොරු වැඩ. අන්තිමට වෙන්නේ මේ රාජ්‍ය දේපළ විනාශ වෙන එක. මාලිමාවට අන්ධව ගැති වූ අය අරගල සමයේ ජනාධිපති මැදුරට පැනලා හැසිරුණු ආකාරයත්, මෑතකදී අධිවේගයේ හැසිරුණු ආකාරයත් පැහැදිලියිනේ. මෙයාලාගේ තියෙන්නේ දීන මානසිකත්වයක්. ඒක හදාගන්න ඕනෑ...

:       5       12

Malika Monday, 05 May 2025 01:07 PM

ජනාධිපති යනු විෂ්මකර්ම දිව්‍ය පුත්‍රයා නොවේ. අවුරුදු හැත්තා හයක් කරපු විනාස මාස හයෙන් හදන්න. දැනට දීලා තයෙන සහන භුක්ති විඳින්න. ඉවසන්න ඉස්සරහට තව ලැබේවි. ඒ අතර අපෙන් රටට වෙන්න ඕනෑ යුතුකම් ටිකත් ඉටු කරන්න බලමු...

:       5       12

ගුණරත්න Monday, 05 May 2025 03:26 PM

ඔය හූණු බිජ්ජවල් වලින් ඇති වැඩක් නැහැ.. මීට වඩා සල්ලි ගිලින රාක්ෂයෝ ඉන්නවා. අන්න ඒවා නවත්තලා පෙන්වන්න...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site