IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කතානායකට විශ්වාසභංගයක් ගේනවා

(නිමල කොඩිතුවක්කු)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසලකා හරිමින් කථානායකවරයා ක්‍රියාකර ඇති බැවින්  ඔහු පිළිබඳව විශ්වාසභංගයකට යාමට ඉදිරියේදී සිදුවිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කතානායකවරයා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඔහුගේ අනීතික ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ කොටසක් මඟහරිමින් දේශපාලන නායකයෝ ආරක්ෂා කරන පනතට කථානායකවරයා අනුමැතිය ලබා දුන් බවත් “ජවය” ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂ හමුවට එක්වෙමින් ඔහු කීවේය.
තමා දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජකරවන්න නොව රටේ ජනතාව රජ කරවීමට බවත් එම නිසා පක්ෂයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.
වසර ගණනාවක් අත්දැකීම් ඇති නිසා නිවැරදි දේ තමා දන්නා බවත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න බැරි නම් පක්ෂය හැරදා ගියාට තමා අමනාප නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



අදහස් (1)

කතානායකට විශ්වාසභංගයක් ගේනවා

Bamunuarachchi Monday, 05 February 2024 06:28 AM

ඕගොල්ලෝ ගෙනාපු මොන භංගයද හරිගියේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site