IMG-LOGO

කුණු සැමන් බැරල් 15ක් පාළු ළිඳට දැමු තිදෙනෙක් මාට්ටු

( ආනන්ද ඉ ජයකොඩි)

සැමන් කර්මාන්ත ශාලාවක නරක් වී දුගඳ හමන සැමන් බැරල් 15ක් මහ  රෑ අධික වර්ෂාව මැද ලොරියකින් ගෙන විත් මාරපොල  ගම්මානයේ ඉඩමක  පිහිටි පාළු ළිඳකට හලමින් සිටි  පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.

පෑලියගොඩ ප්‍රදේශයේ සැමන් නිෂ්පාදිත කර්මාන්ත ශාලාවක කුණු වී ඇති සැමන් තොගයක් ටින් වලින් ඉවත් කොට විශාල බැරල් පහළොවකට දමා ගෙන අධි ශීතකරණ ලොරියකින් මාරපොල ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාළු ළිඳකට හලමින් සිටියදී එසේ ලොරියත් සමග  අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය කීය.

අත් අඩංගුවට ගෙන ඇති තිදෙනා මාරපොල, තණමල්විල හා ගලේවෙල යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවට පරීක්ෂණවලදී හෙළි වී ඇති බවද පොලීසිය කීය.

මාරපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාට මුදල් දී කුණු සැමන් ළිඳට දැමීම සිදු කොට ඇති බවත් මෙය කාලයක් තිස්සේ හොර රහසේ කර ගෙන ගොස් ඇති බවත් වැඩි දුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

අධික දුර්ගන්ධයක් පැතිරී යාම  හේතුවෙන් මාරපොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු විසින් දෙන ලද දුරකථන ඇමතුමකට අනුව වැටලීම සිදු කොට ඇත.

කල් ඉකුත් වී  නරක් වූ  සැමන් ටින් වෙළඳ ආයතන වලින් ආපසු භාර දීමෙන් පසුව කර්මාන්ත ශාලාව තුලදී ටින් වලින් ඉවත් කොට බැරල් වලට දමා ගෙන විත් ඇති බවද වැඩි දුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

 

 

 



අදහස් (0)

කුණු සැමන් බැරල් 15ක් පාළු ළිඳට දැමු තිදෙනෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 936 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site