IMG-LOGO

කුණු කෑම කිලෝ 800ක් අල්ලයි

(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය නගරයේ තොග සහ සිල්ලර වෙලදසැලක ඉහල මහලයේ ගබඩා කර තිබු පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 800 ක් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරිමට නුවරඑලිය මහ නගර සභා නාගරික සෞඛ්‍ය අංශයේ නිලධාරිහු අද දින පියවර ගත්හ.

නුවරඑලිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට ලද පැමිණිල්ලක් මත එම නිලධාරින් විසින් අදාල වෙලදසැල සහ ගබඩාව අද දින හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

එහිදි ගබඩා කාමරය තුළ කරවල , ටින් මාළු , උදුපිටි , සුකිරි , හාල්මැස්සන් , මිරිස් , තුනපහ ,රටඉදි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් කල් ඉකුත් වි තිබු බවත්, තවත් ආහාර ද්‍රව්‍ය රැසක් මියන්ගේ මල මුත්‍රා සහිතව ගබඩා කර තිබු බවයි වැටලිම සිදු කර නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියා සිටියහ.

මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබු ආහාර ද්‍රව්‍ය විනාශ කිරිමට පියවර ගන්නා බවද නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩිදුරටත් කියා සිටිහ.



අදහස් (0)

කුණු කෑම කිලෝ 800ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site