IMG-LOGO

කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා

( කීර්ති ප්‍රනාන්දු  )

සාදයකට සහභාගි වීම සඳහා සිය හිස කෙස් සකසා  ගැනීම සඳහා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවක්හට එහිදී  හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් හිස කෙස් ගැලවී යාමේ බරපතල තත්ත්වයක් හේතුවෙන් එම කාන්තාව ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

පොලිසිය සඳහන් කරන පරිදි මිනුවන්ගොඩ  බොරගොඩ වත්ත  ප්‍රදේශයේ පදිංචි  35 හැවිරිදි  මෙම විවාහක කාන්තාව  ඉකුත් ( 30 ) දා සාදයකට සහභාගී වීම සඳහා  හිස කෙස් සකසා ගැනීමට  මිනුවන්ගොඩ  බස් නැවතුම්පළ ඉදිරිපිට  සණස වෙළඳ සංකීර්ණය තුළ පිහිටි  රූපලාවන්‍යාගාරයක් වෙත  ගොස් ඇත  .

එහිදී රූපලාවණ්‍යාගාරයේ කටයුතු කරන  ප්‍රධාන කාන්තාව  විසින්  කොණ්ඩය සැකසීම සඳහා රුපියල්  පහළොස්දහසක  කුලිය ලෙස ලබාගෙන ඇත  .

අනතුරුව කොණ්ඩය සැකසීමට  පැමිණි කාන්තාව  කොණ්ඩය සැකසීම සඳහා  හිස ගල්වන ද්‍රව්‍යයන් කීපයක්  ගැල්වීම සිදුකර ඇත  . මෙසේ හිස  ගල්වන ආලේපන යොදා  ටික වෙලාවක් යන විට කාන්තාවගේ  හිසේ ඇති වූ දැවිල්ල සමග දැඩි අපහසුතාවයක් දැනීමට පටන් ගැනීම නිසා  ඇය ඒ බව  හිස කෙස් සකසමින් සිටි  ගැහැණු ළමයින් දෙදෙනාට පවසා ඇත  .

 පසුව එම ගැහැණු ළමයින් දෙදෙනා මෙම කාන්තාවගේ හිස  සෝදා  පිස දැමීම සිදුකළද  ඇතිවූ  අධික දැවිල්ල  හේතුවෙන්  මෙම කාන්තාව  තම හිස අත ගෑමේදී  හිස කෙස්  සම්පූර්ණයෙන්ම ගැලවී අතට  පැමිණ තිබේ . අනතුරුව ඇය රෝහල්ගත කර ඇත.



අදහස් (1)

කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා

sam Monday, 02 September 2024 10:20 AM

බලන්ඩ පියුම් හංසමාලිගේ බදුද දන්නේ නැ ඔලුවේ ගෑවේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 625 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 352 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 494 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site