IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුඩු සලිදුගේ ගෝලයෙක් ගිනි අවි සමඟ අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

පානදුර මූලික රෝහල ඉදිරිපිටදී කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවකු  නයින් එම් එම් වර්ගයේ ගිනි අවි දෙකක් සමග පානදුර උයන්කැලේ  ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග මැඩගස්කර රාජ්‍යයේදී අත්අඩංගුවට ගත්  සලිදු මල්ශිත  ගුනරත්න නොහොත්  පානදුර කුඩු සලිදු  නමැත්තාගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මගින් රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

2022 ජනවාරි මස 27 වෙනි දින පානදුර මූලික රෝහල ඉදිරිපිට දී  ගිලන්රථ රියැදුරුට යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පුද්ගලයන් සිව් දෙනෙකු විසින් පිස්තෝල අවි දෙකකින් වෙඩි  තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු කුඩු සලිදු  නැමැති සැකකරු සමඟ හෝ වෙන් වෙන්ව දිවයින තුල  මිනීමැරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇත්ද යන්න පිළිබඳ හා සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ගිනි අවි යොදාගෙන යම් අපරාධයක් සිදුකර ඇති ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු පැය 72 කාලෙකට රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (0)

කුඩු සලිදුගේ ගෝලයෙක් ගිනි අවි සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site