IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘කුඩු ෂිවා’ට එරෙහි නඩුවට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

කුඩු තොගයක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන ‘කුඩු ෂිවා’ නමැත්තාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අප්‍රේල් 20 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (13) තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ පසුවන නන්දකුමාර් ෂිවනන්දන් හෙවත් ‘කුඩු ෂිවා’ නමැත්තා නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විශේෂ ආරක්‍ෂාව මධ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

2022 ජුනි මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හෙරොයින් ග්රෑම් 478ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්රෑම් 02කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබු අතර එහි ශූද්ධ හෙරොයින් ග්රෑම් 478ක් ඇති බව රජයේ රස පරීක්‍ෂවරයා විසින් තහවුරු කර තිබිණී.

නඩුව විභාග කිරීම සඳහා අවශ්‍ය කරුණු ඇද්දැයි සනාථ කර ගැනීම සඳහා පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව යළි කැඳවන අප්‍රේල් 20 වැනිදා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.



අදහස් (0)

‘කුඩු ෂිවා’ට එරෙහි නඩුවට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site