IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කඩා වැටුණු යානයේ 62 කගේ සිරුරු සොයා ගනී

 

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රසීලයේ වින්හෙඩෝ නගරයට පසුගිය සිකුරාදා කඩා වැටුණු වෝපාස් ලින්හාස් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ගමන් ගත් 62 දෙදෙනාගේ මළ සිරුරු මුදා ගැනීමේ කණ්ඩායම් විසින් සොයා ගනු ලැබ ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

ගුවන් අනතුරු හේතුවෙන් මියගිය 62 දෙදෙනාගෙන් 34 ක් පිරිමි පුද්ගලයන් බවත් 28 ක් කාන්තාවන් බවත් බ්‍රසීල බලධාරීහු පැවැසූහ. ගුවන් යානය පියාසර කළ ගුවන් නියමුවන්ගේ සිරුරු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් මළ සිරුරු සාඕ පවුලෝ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් බ්‍රසීල බලධාරීහු ප්‍රකාශ කළහ.

ගුවන් යානය කඩා වැටුණු අවස්ථාවේ මගීන් 57 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනකු එහි සිට ඇති බවට වෝපාස් ගුවන් සේවය ප්‍රකාශ කළත් පසුව එහි ගණන් නොගත් තවත් එක් මගියෙකු සිට ඇති බවත් ඒ අනුව ඒ.ටී.ආර් 72 වර්ගයට අයත් එම ගුවන් යානයේ මගීන් 58 දෙනකු ගමන් කර ඇති බවත් වෝපාස් ගුවන් සේවය පැවැසුවේය.

අනතුරට ලක්වූ ගුවන් යානය අඩි 17,000 ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී ක්ෂණිකව කඩා වැටී ඇති බවත් අනතුරට හේතුව තවමත් අබිරහසක් බවත් වෝපාස් ගුවන් සේවය ප්‍රකාශ කළේය. අනතුර සිදුවූ අවස්ථාවේ ගුවන් යානය පරානා ප්‍රාන්තයේ කැස්කාවෙල් නගරයේ සිට සාඕ පාවුලෝ ප්‍රාන්තයේ ගුවාරුල්හෝස් වෙත පියාසර කරමින් තිබූ බව එම ගුවන් සේවය පැවැසුවේය.

 



අදහස් (0)

කඩා වැටුණු යානයේ 62 කගේ සිරුරු සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site