IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කඩේ ලාච්චුවට බහින්න හැදූ සොරාට දුන් දඬුවම

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල බටකැත්තර  වෙළඳසැලක ලාච්චුවේ තිබූ මුදල් සොරා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකු අල්ලා වෙළඳසැල ඉදිරිපිට යකඩ කණුවක බැඳ තබා තිබෙන අයුරු  අද පෙරවරුවේ දක්නට ලැබුණි

අයිස් පැකට්ටුවක්  මිල දී ගැනීමේ මුවාවෙන් පැමිණ වෙළඳසැල් හිමියා ශීතකරණය අසලට යාමේදී ලාච්චුවෙන් මුදල් සොරා ගැනීමට මොහු උත්සාහ දරා තිබේ.

එය දුටු වෙළඳසැල් හිමියා කෑගැසීමත් සමගම එම ස්ථානයෙන් පලායමින් සිටි එම පුද්ගලයා ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන මෙලෙස බැඳ දමා තිබිණි

තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි අයකු බවත් මීට පෙරද සොරකම් රැසකට සම්බන්ධ අයෙක් බවත් ප්‍රදේශවාසීන් පැවසූහ

පොලිස්  නිලධාරීන්  පැමිණ එම පුද්ගලයා රැගෙන යාමට කටයුතු කෙරිණි

කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (7)

කඩේ ලාච්චුවට බහින්න හැදූ සොරාට දුන් දඬුවම

podi mole Thursday, 29 September 2022 01:01 PM

දියවන්නාවෙ කම්බ හොරුටිකත් මෙහෙම ගස්බදින්නෙ කවදද අප්පා?

:       0       2

Asela Thursday, 29 September 2022 03:57 PM

ඒ වගේ සොරකම් කරන්න හදපු ඕනෑම දේශපාලකයෙකුට දඬුවම් කරන්න පුළුවන්ද?

:       0       3

achini Thursday, 29 September 2022 04:02 PM

රටේ ආර්ථිකය බිංදුවටම බස්සපු රාජපක්ෂලා තවම එළියේ සැප විඳිනවා.

:       0       3

prarthana Friday, 30 September 2022 07:37 AM

වැරැද්දක් කළා නම් පොලිසියට බාරදෙන්න. මේ විදියට මිනිසෙකු බැඳදාන්න අනික් අයට ඇති අයිතිය මොකක්ද? දැන් මේ රට අන්තවාදින්‌ගේ රටක් වගේ.

:       2       0

sharm warnFriday, 30 September 2022 01:28 PM

ඇප ගත්තු හොරාව නිකන් තියාගෙන හිටියොත් පැනලා දුවනවනේ...!

:       0       0

sharm warn Friday, 30 September 2022 11:19 AM

අපේ සාක්කුවලට බැහැපු හොරුන්ට රජකම දීලා බලයට පත්කරද්දී ඒ වෙනුවට මෙහෙම කළානම් අපි අද මොනතරම් දියුණු වෙන්න තිබුණද?

:       1       4

මත් ද්‍රව්‍ය ගේන්නූ ප්‍රබලයෝ සිප වැළද ගන්නා රටක්? Saturday, 01 October 2022 04:01 PM

මේ වගේ හොරුද පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. ? මොහු වරදක් කලත් කාවවත් මරලා නැහැ නේද? මේ පින්තූර දකින කාටත් කම්පනයක් දැනෙනවා. මෙයා ඉන්නෙ ඇබ්බැහිවීමක. මත් ද්‍රව්‍ය ගේන ප්‍රබලයො හෝ පාර්ලිමේන්තු ඇමතියන්ව කවදාවත් ඒව ගෙනාවට දඩුවකට යටත් කලේ නැති එකේ මේ මනුස්සයාට පමණක් දඩුවම් කරලා හොරකම් අඩු වෙන්නෙ නෑ. මත් ද්‍රව්‍ය තියන තාක් ආර්ථික අහේනිය තියන තුරු හොරකම් තියේවි. පාර්ලිමේන්තුවෙ ඉන්න නාරකාදි හොරුන්ට නීතියක් නැති මේ රටේ නීති පොත් පුළුස්සා දැමුවේ නම් මීට හොදයි කියා නීතිඥයො වෙන තරුණයන්ටත් හිතෙනවා ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site