(ටෝනි කරුණානායක)
පහළොස් හැවිරිදි තම නැගිනිය රුපියල් 15000 ක මුදලකට සහ හෙරොයින් ගෑම් 01කට හෙරොයින් ජාවාරම්කරුවකුට විකුනු අක්කා සහෝදරියක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මුදල් සහ හෙරොයින් ලබා දී එම දැරියව ලබා ගත් හෙරොයින් ජාවාරම්කරුවද හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය 26 වැනි වියේ පසුවන එක්දරු මවක් බව පොලිසිය කීය .
දැරියගේ මව හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවක් මත බන්ධනාගාරගතව ඇත.
දැරියව විකුණු අක්කා හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී සිටින්නීයක් බව ද පොලිසිය කියයි.
මව බන්ධනාගාර ගත වූවායින් පසු දැරිය රැක බලාගෙන ඇත්තේ මෙම තැනැත්තිය විසින් බව පොලිස් පරීක්ෂන වලින් අනාවරණය වී තිබේ .
බටහිර නිල්පනාගොඩ පදිංචි සැකකරු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවස වටලා හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සැකකරුගේ නිවසේ සිටින මෙම කුඩා දැරිය කවුද යන්න පොලිස් නිලධාරීන් විමසා තිබේ.
එම අවස්ථාවේ නිවසේ සිටි සැකකරුගේ මව සිද්ධිය අනාවරණය කිරීමෙන් පසු දැරියව පොලීසිය බාරයට ගෙන දැරිය විකුණූ බව කියන සැකකාර අක්කා මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු බොන්න අක්කා නංගී විකුණයි
Sanath Thursday, 28 July 2022 06:25 PM
මේ වගේ පවුකාරයින් අහුනාම මේ ලෝකෙන්ම චුත කරලා දැම්මට පාඩුවක් නෑ. මේ වගේ අය හිටියා කියලා ලෝකෙට වැඩකුත් නෑ. රටේ කරුමෙට උපන් සත්තු
සන්දීප් Friday, 29 July 2022 08:01 AM
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...
Bunny Preena Friday, 29 July 2022 10:21 AM
කරුමේ කියන්නේ මේ වගේ අය බේරගන්නයි, ඒ අය වෙනුවෙන් කතා කරන්නයි සමාජයේ ඕනෑ තරම් මිනිස්සු ඉන්නවනේ..
R.m yashoda Friday, 29 July 2022 10:52 AM
මේවාගේ එවුන්ට සහෝදරියන් කියන්නත් බෑ. අප්පිරියයි.
Sugath Rajapakse Friday, 29 July 2022 03:53 PM
මේ වගේ රටවල්වල පවතින දහජරා පාලනය අවසන් වනතුරු මේ වගේ අසමත්ජාති වැඩ නතර නොවනු ඇත!
C gihan Friday, 29 July 2022 04:14 PM
පාලනය යහපත් වෙනතුරු මේක සාමාන්‍ය දෙයක්...!
Gayan Saturday, 30 July 2022 07:19 AM
තිරිසන් වැඩක්...!
Avinash Saturday, 30 July 2022 09:26 AM
වසර 2500ක ඉතිහාසයක් ඇති ප්‍රෞඩ ජාතියක්...