IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කුඩු පැකට් කළ කාන්තාවෝ හයක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

මෝදර,මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ මහ පරිමාණයෙන් හොරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි කාන්තාවන් හය දෙනකු ඇතුලු සැකකරුවන් හත් දෙනකු රුපියල් ලක්ෂ 28 ට අධික. වටිනා මත්කුඩු තොගයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව හොරොයින් පැකට් 1000 ක් පමණ සකස්කර තිබී ඇති අතර, ඒවායේ බර ග්‍රෑම් 188 ක් බවද පොලිසිය පවසයි.

මෙම නිවාස සංකීර්ණයේ පස් වැනි මහලේ නිවසක් තුළ පිරිසක් සංවිධානව ගතව මත්කුඩු පැකට් කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරු අනුව ඊයේ (22) සවස මෙම වැටලීම සිදුකර ඇත.

තොටළග කුමාරි නැමැත්ති මත්කුඩු ජාවාරම්කාරියකට අයත් මත්කුඩු මොවුන් මුදල පැකට් කර ඇති බවත්, දැඩි ආරක්ෂක රැකවල් මැද මොවුන් මෙම මත්කුඩු පැකට් කිරීම සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවටගත් කාන්තාවන් අවුරුදු 37ත් 53ත් අතර වයස්වල පසුවන දෙමටගොඩ, මෝදර, වැල්ලම්පිටිය, ග්‍රෑන්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (0)

කුඩු පැකට් කළ කාන්තාවෝ හයක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site