IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුඩුවලින් සොයා ගත්තැයි කෝටි 10 දේපොළ රජයට

(සිතුම් චතුරංග)

තලෙයිමන්නාරම ප්‍රදේශයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට   සැක කෙරෙන රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් දේපළ අද සිය භාරයට ගත් බව මන්නාරම පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කළ විමර්ශනයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීතිවිරෝධීව උපයාගත් බවට සඳහන් දෙමහල් නිවාස දෙකක්, කඩකාමර හතරක් , සහ සුඛෝපභෝගී ජීප් රථයක් එලෙස පොලිස් භාරයට ගත් බව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරු ද මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර අධිකරණ නියෝගමත ඔහුගෙන් රඳවා ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් පැවසීය.

2010 වසරේ සිට සැකකරු ඉන්දියාවේ සිට විවිද මත්ද්‍රව්‍ය ධීවර බෝට්ටු ඔස්සේ රැගෙනවිත් බෙදාහැරීම සිදුකරන බවට පසුගිය වසර කිහිපයතුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණයවී ඇති බවත් පොලිසිය පැවසීය.

 



අදහස් (1)

කුඩුවලින් සොයා ගත්තැයි කෝටි 10 දේපොළ රජයට

Perera Friday, 03 May 2024 07:43 AM

මූනේ ගැන ක්‍රීම් විකුනලා කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කෙරුවා කියන අය ගැනත් හොයලා බලන්න.ක්‍රීම් වෙළඳාම් මුවාවෙන් කුඩු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 442 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site