IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කඩින් කඩ වාරික ගෙවා සම්පූර්ණ කළ අයටත් ගොවි විශ්‍රාම වැටුප දෙයි

(අංජුල මහික වීරරත්න)

ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකත්වය ලබා කඩින් කඩ සම්පූර්ණ වාරික ප්‍රමාණය ගෙවන ලද ගොවීන් වෙත විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇතැයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා නිවේදනය කරයි.

1987 වර්ෂයේ ආරම්භ කරන ලද ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ගොවීන් 871,425 ක් දායකත්වය ලබා ඇති අතර, එයින් ගොවීන් 178,927ක ප්‍රමාණයකට තැපැල් කාර්යාල 3989 කින් විශ්‍රාම වැටුප් මාසිකව ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.

විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලැබීම සඳහා දායකයින් මණ්ඩලය මගින් නියම කරන ලද වාරිකය නිසි අයුරින් ගෙවා නිම කළ යුතු බවත් කිසියම් දායකයකු පිළිවෙලින් වාරික 5 ක් ගෙවීම් මගහැර ඇත්නම් දායකත්වය අවලංගු වන අතර, විශ්‍රාම වැටුප් හිමිකම අවලංගු වන බවත් කෘෂිකාර්මික  හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ අනුව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිත තත්ත්වයත්, දිවයිනේ පැවැති කොවිඩ් වසංගත තත්ත්වයත් ආදී හේතු සාධක හමුවේ බොහෝ දායකයින් යෝජනා ක්‍රමයේ දායක මුදල් ගෙවීම අතපසු වුව ද, දීර්ඝ කාලයක් යෝජනා ක්‍රමය තුළ රැඳෙමින් විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් 100%ක් වාරික ගෙවා අවසන් කර ඇති ගොවි මහතුන් හට අනෙකුත් වාරික සඳහා සලසන දින 60 ක සහන කාලයේ අවසාන වාරිකය ලබාදී විශ්‍රාම වැටුපක් සකස් කර දීමට පොදු තීරණයක් ලෙස ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව නිර්දේශ කර, අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ සඳහා යොමු කළ බවත් ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.



අදහස් (0)

කඩින් කඩ වාරික ගෙවා සම්පූර්ණ කළ අයටත් ගොවි විශ්‍රාම වැටුප දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site