IMG-LOGO

කොඩිකාමම් ට්‍රැෆික් ලොක්කා රිය අනතුරින් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය , ඉන්දිකා රාමනායක සහ ප්‍රදීප් කුමාර)

කොඩිකාමම් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා චාවකච්චේරි කයිතඩි ප්‍රදේශයේ දී ඊයේ 19 වෙනිදා රාත්‍රී 10ට පමන පමණ සිදුවූ  අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂ ඩන්කන් ගුණවර්ධන මහතා ය.

මොහු වාරියපොල හොරොම්බාව පාසල් මාවතේ පදිංචිව සිටි අයෙකි.

පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදියෙන් යාපනය ප්‍රදේශයේ සිට කොඩිකාමම් පොලිසිය ස්ථානය වෙතගමන් කරමින් සිටි අතරවාරයේ මුලින්ම බස් රථයක පිටුපස ගැටී ඇතැයි චාවකච්චේරිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

බස් රථයේ ගැටීමෙන් පසු උප පොලිස්  පරීක්ෂකවරයා මාර්ගය මැදට විසි වීමෙන් අනතුරුව චාවකච්චේරිය දෙස සිට යාපනය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ගැටී ඇතැයි ද පොලීසිය කියයි.

මෙම මාරක අනතුරින්බරපතළ තුවාල ලැබූඋප පොලිස් පරීක්ෂක වරයා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයිද පොලීසිය කියයි.

මෙම මාරක අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

බස් රථය සහ ලොරි රථය ද පොලිස් බාරයට ගෙන ඇත චාවකච්චේරිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම මාරක අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (3)

කොඩිකාමම් ට්‍රැෆික් ලොක්කා රිය අනතුරින් මරුට

දුමින්ද Thursday, 20 April 2023 01:56 PM

මෙතන ලොරියේ රියදුරු වැරදියි කියමුකෝ ඒත් බසය ගිහිල්ලා තියෙන්නෙ ඉස්සර වෙලානේද.ඉස්සර වෙලා යන බසයේ පිටුපස හැපුනා නම් බසය වැරදියි කියන්නෙ කොහොමද අපි හිතමුකෝ ට්‍රැෆික් ලොක්කා ගලක හෝ ගහක හැපුනා නම් ගහ හෝ ගලත් අත් අඩංගුවට ගන්නවාද සමහර විට ගෙදර තාප්පෙක හැපුනා නම් ගෙය අයිතිකරු අල්ලාගෙන ගියාම හරිද.

:       17       95

Sunil Thursday, 20 April 2023 06:19 PM

වාහනයකට පිටුපසින් ගමන් කරන විට ඉදිරියෙන් යන වාහනය හදිසියේ නැවත්තුවොත් හෝ වේගය අඩුකලොත් පිටුපසින් යන වාහනය නවතා ගැනීමට සූදානමින් සිටිය යුතුයි .වාහන අතර සුදුසු පරතරයක් තබාගත යුතුයි .මෙතනදී එවැන්නක් වෙලා නැති බව නම් ඉතාම පැහැදිලියි

:       0       11

omesh madusanka Thursday, 20 April 2023 09:17 PM

ගොන් හරක් නීතියක් තියෙන්නේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 181 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1090 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site