(යොහාන් භාසුර)
රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් කැනඩාවේ සිට එවූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ක පමණ තොගයක් පෑලියගොඩ පිහිටි කාගෝ ආයතනයකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.
කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් පෑලියගොඩ පිහිටි කාගෝ ආයතනයක් හරහා යාපනයේ පදිංචි පුද්ගලයෙක් වෙත එවා තිබූ භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2ක් රේගු නිලධාරීන් පරික්ෂා කිරීමේදී එම ලී පෙට්ටිවල ව්‍යාජ පතුල් 2ක් සාදා එහි සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 12 ක් සොයාගත් බවත් එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 24ක් ලෙස සකස් කර තිබූ බවත් රේගු සඳහන් කළේය.
මෙම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා භාණ්ඩ හිමිකරු බලය පැවරූ වාප්පු ලිපිකරුවෙක් මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් බව කී රේගුව සඳහන් කළේය මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 84 පමණ වන බවත්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටි 8 ක කුෂ් මත්ද්‍රව්‍ය රේගුව අල්ලයි
Lalla Tuesday, 25 April 2023 08:35 AM
ඔය ඔක්කොම පස්ස පැත්තෙන් මාකට් එකට දානව නේද. පොලිසිය වැඩ කරන බව පෙන්වීමට කරන ෂෝ විතරයි. නැතිව නඩු පරදින්න බෑ නොවේද....හැමදාම ජනතාව රවටාගෙන ඉන්න කාටවත්ම බෑ...
Rata Perata Tuesday, 25 April 2023 11:45 AM
එ කුඩු කාරයගෙන් ලබෙන කුට්ටිය මදි ඇති. දැන් ඔක වෙන කෙනෙක් ට දීල කොමිස් ගන්න. පර්ලිමෙන්තුවෙන් හොඳ ගැනුම් කරුවෙක් හොයාගන්න පුලුවන් වෙයි.