
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද (2) කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 7කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 කට අධික තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය අද තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උරයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කළ බවත් එම උරය තුල පර්සල් හතරක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක (තෙත බර සහිත) පමණ තොගයක් භාරයට ගත් බවක් නාවික හමුදා කීය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 67.5 කට අධික වෙතැයි විශ්වාස කරන බවකි නාවික හමුදාව භාරයට ගත් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් භාරයේ තබා ගන්න බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 7ක අයිස් මත්ද්‍රව්‍ය තලෛයිමන්නාරමෙන් අල්ලයි