
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අවස්ථා කිපයකදී පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය,නාවික හමුදාව,විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් වු රුපියල් කෝටි 600 කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත් ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරීයෙදී අද(11 ) දහවල් සිදු කෙරිණි.
මත්ද්‍රව්‍ය තොගය 2020 වසරේ අත් අඩංගුවට ගෙන තිබු අතර එහි කොකේන් කිලෝ 355 යි ග්‍රෑම්ස් 881 ක ප්‍රමණයක් අඩංගු පාර්සල් වල බහා තිබු අතර ඒ සම්බන්ධව පැවති අධීකරණ කටයුතු නිම විමත් සමග අධිකරණය ලබා දුන් නියෝග මත මෙසේ කොළඹ සිට වනාතවිල්ලුව ලැක්ටෝ වත්තට විශේෂ පොලිස් හා පොලිස් විශේස කාර්ය බලකා ආරක්ෂාව යටතේ රැගෙන විත් විනාශ කිරීම ආරම්භ කිරීම සිදුවිණි.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියහ.
එම අවස්ථාවට එක්වු මහජන ආරක්ෂාව පිළිබදව ඇමති ටිරාන් අලස් මහතා පවසා සිටියේ මේ වන විට වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුල ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේදී රුපියල් බිලියන 19 ක වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස් ,කොකේන් ඇතුළු කිලෝ 1890 ක මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කර ඇති බවයි.


2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 600 ක කොකේන් විනාශ කරයි
බද්රානි Thursday, 11 July 2024 06:27 PM
අපරාදේ ඕවා විනාශ කලේ...ඔය ඔක්කොම ජනතාවට පෙව්වා නම් මේ රටේ සිදුවෙන පාදඩ දේවල් කිසිත් නොතේරී මත් වෙලා ශෝක් එකට ඉන්න තිබුනා...අර ක්ලබ් වසන්තව ඝාතනය කරන්න සැලසුම් කල සියල්ලගේම ජාතකේ ඉඳන්ම පොලිසිය හොයාගෙන... .ඒ උනාට, හොඳට හඳුනා ගන්න පුළුවන් මිනීමරුවන් සිරි ලංකා පොලිසියට හොයා ගන්න බැහැ... පොලිස් සුනඛයින්ට වත් ඕක හොයා ගන්න බැරිවෙයිද..? කොහොමත් ලංකාවේ බල්ලෝ මිනිස්සුන්ට වඩා වැඩ්ඩොනේ..