IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කෝටි 5 ක අයිස් පේසාලෙන් අල්ලයි

(යොහාන් භාසුර)

රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 885 ක තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පේසාලේ ප්‍රදේශයේදී තලේමන්නාරම පොලිසිය අද (28) අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

පොලිසියට ලද තොරතුරකට අනුව පේසාලේ හෙබි පීඕපී වීදියේ නිවසක් පරීක්‍ෂා කිරීමේදී එහි කාමරයක සඟවා තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව කී එම උසස් පොලිස් නිලධාරියා එහිදී 27 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට පත්වූ බව ද සඳහන් කළේය.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ගැනීමට නියමිත බව ද එම නිලධාරියා කීය.

තලේමන්නාරම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. බී. එම්. සිරිල් මහතා සහ පොලිස් සැරයන් රණසිංහ (53398),  පොලිස් කොස්තාපල්වරුන් වන  සමන් (40681), කොඩිතුවක්කු (70328),  බණ්ඩාර (54434), සංජීව (99568) සහ ශිවානන්දන් (93774) යන නිලධාරීන් ඇතුළු කණ්ඩායම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.

මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාගහවත්ත සහ මන්නාර පොලිස් අධිකාරී විදානගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක වේ.



අදහස් (0)

කෝටි 5 ක අයිස් පේසාලෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 412 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 572 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site