
(ටී.කේ.ජී.කපිල සහ ගයාන් සූරියආරච්චි)
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු 59 හැවිරිදිය. අනෙක් ව්‍යාපාරිකයා කොළඹ - 14 පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි .
ඔවුන් දෙදෙනා ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයම 04.55ට පැමිණ තිබුණි .
මෙම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 5ක ජංගම දුරකතන ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
wedage Friday, 17 May 2024 01:18 PM
මෙතරම් ලොකු බඩු තොගයක් හොරෙන් ගේන්න පුළුවන්ද?
cheeseFriday, 17 May 2024 02:05 PM
රේගුවේ අවංක මහත්වරුන්ට නියමිත කුට්ටිව වෙලාවට ගිහින් නේ..
අමිත Friday, 17 May 2024 02:24 PM
රේගුවේ සහාය ඇතිව එළිය ආව බඩු රේගුව ගැන පරීක්ෂණයක් කළ යුතුයි...