IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝටි 47ක දිරි දීමනා හොර පාරෙන් ගෙවලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ  සේවකයන්ට 2020 වර්ෂයේදී සහ  පසුගිය වර්ෂ හයකදී මහාභාණ්ඩාගාරයේ  අනුමැතියකින් තොරව දිරිදීමනා වශයෙන් රුපියල් කෝටි  47කට වැඩි  මුදලක් ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

සේවකයන් සඳහා 2020 වර්ෂයේදී  දිරිදීමනා ගෙවා තිබුණේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු 1994 ජුනි 14 දිනැති අංක 95 දරන චක්‍රලේඛ නියමයන්ට පටහැනිව බවද එහි දැක්වේ.

මේ අතර රාජ්‍ය අංශය සඳහා නිෂ්පාදන වර්ග 134 ක ඉල්ලුම සපුරාලීමට  නොහැකිවීම හේතුවෙන් සංස්ථාවට 2020 වර්ෂයේදී   රුපියල් කෝටි 8 කට ආසන්න මුදලක් අහිමිවී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අලෙවි ප්‍රවර්ධන ප්‍රයත්නයකින් තොරවම රාජ්‍ය අංශයෙන් ලැබෙන මෙම ඉල්ලුම සපුරාලිය නොහැකිවීම හේතුවෙන් සංස්ථාව සඳහා නිශ්චිත වෙළෙඳපොළ කොටස අත හැරී  යෑමේ අවදානමක් පැවතුණු  බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර රුපියල්   ලක්ෂ 23 ක් වටිනා ලිපි ද්‍රව්‍ය තොගයක් තිබියදී  2020 වර්ෂයේදී  ලක්ෂ 12ක් වටිනා  ලිපි ද්‍රව්‍ය තවත් තොගයක්  මිලදී ගෙන තිබූ බවත් අවශ්‍යතාව නිසිපරිදි හඳුනානොගෙන කළ මිලදී ගැනීම නිසා   තොග හානිවීමේ හා කල් ඉකුත් වීමේ අවදානමක්  පැවතුණු  බව  විගණන අංශ සඳහන් කළේය.

අනුරාධපුර ඔසු උයන සංවර්ධනය කර මායිම් වැට ඉදිකිරීම සඳහා රුපියල්  18 ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබූ නමුත් එම ඉඩම විධිමත් පරිදි සංස්ථාවට පවරාගෙන නොතිබූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ



අදහස් (0)

කෝටි 47ක දිරි දීමනා හොර පාරෙන් ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site