
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් කොටස්) කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්‍රදේශයෙදී අද දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයෙ පදිංචි අවුරුදු 40 සිමාවල පසුවන සැකකරුවන් දෙදෙනකු බව කියයි.
අදාල සැකකරුවන් මසුන් මැරිය සදහා ගොස් සිටියදි මුහුදේ පාවෙමින් තිබු මෙම අම්බර් නමින් හැදින්වෙන ( තල්මස් කොටස් ) තම යාත්‍රාවට දමා ගෙන රහසේ රැගෙන විත් සඟවා තිබු බව පරික්ෂණ වලදි තහවුරු වී තිබේ.
නාවික හමුදා බුද්ධි තොරතුරක් මත අදලා වැටලිම සිදුකර තිබු අතර වනජීවි නිළධාරීන් සමග පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ඒකාබද්ධව වැටලිම සිදුකර තිබු බව කියයි.
ආරක්ෂක අංශ යොදා ගත් උපාය දූතයකු මාර්ගයෙන් මෙම අම්බර් මිළදි ගැනිමට යොදවා ඇති අතර ඒ අනුව මෙම අම්බර් තොගය අත් අඩංගුවට ගැනිමට හැකිවු බව කියයි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 23 අම්බර් කල්පිටියෙන් අල්ලයි
සුබේය්ර් Wednesday, 29 May 2024 10:02 AM
තල්මසුන් ස්වභාවිකව වමනය කරන මෙම ද්‍රව්‍ය (ඇම්බර), කොහොමද තහනමට ලක් වෙන්නේ⁉️
SUJITH Wednesday, 29 May 2024 10:57 AM
ඇත්තටම ධීවරයෙක්ගේ වාසනාවට ඉතාම කලාතුරෙකින් හම්බ වෙන කිසිම හානියක් නොවන ස්වභාවික දෙයක් මේ. අවසානේ ඒ මනුස්සයා ට හිරේ විලංගුවෙත් ලගින්න වෙනවා .අපේ රටේ තේරුමක් නැති නීති නිසා රට විනාශ කරන හොර තක්කඩින්ට මේවා ලැබෙන ක්‍රමයක් තිබ්බනම් අපූරුවට නීති ටිකත් වෙනස් කරල හදල ගනියි
Lalla Wednesday, 29 May 2024 12:02 PM
අල්ලන ඇම්බර්වලට මොනවාද කරන්නේ. විනාශ කරනවාද? මුහුදේ තියන දෙයක් ගන්න තියෙන තහනම මොකක්ද? ඒවා දැක්කාම පොලිසියට කියලා හොරකම් කරවන්න කියලාද? යල් පැනගිය නීති කලට ඔබින ලෙස වෙනස් විය යුතුයි...
m. saman perera Wednesday, 29 May 2024 12:48 PM
මුහුදේ ඉන්න මාළු අල්ලගෙන විකුණන්න පුළුවන් නම් ඇම්බර් ගන්න බැරි ඇයි?
නිහාල් Thursday, 30 May 2024 02:57 AM
මිනිස්සුන්ට වාසනාවට ලැබෙන දේවල් පොලිසිය දාලා හොරකම් කරවනවා. මෙහෙමත් රටක්.