IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කෝටි 200ක් වංචා කළ අඹු සැමි යුවල රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹු සැමි යුවල ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(27) නියෝග කළේය.

කොළඹ කොටුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් විවෘත වරෙන්තු අටක් හා රතු වරෙන්තු ලබා ඉන්දියාවේ වෙරළ ආරක්ෂක පොලිසියේ අත්අඩංගුවට පත්ව මෙරට පිටුවහල් කර ඇති අහමඩ් ශරීප් මොහොමඩ් ශිහාබ් හා ඔහුගේ බිරිඳ වන ප්‍රාතිමා පර්ෂානා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා  පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයද සහිතව මිත්තණියට භාර දෙන ලෙසටද නියෝග කළේය.

පෙරේදා(26) දින ගුවන්තොටුපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් සැකකරුවන් ඊයේ රහස් පොලිසිය මගින් මහේස්ත්‍රාත්වරයා හමුවට යොමු කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සැකකරුවන් 2021 වසරේ මෙරටින් පලා ගොස් ඇති බවය.

සැකකරුවන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් වංචා නඩු අටක් පවතින බවත්,එම අධිකරණයෙන් හා සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරන දිවයිනේ සෙසු අධිකරණවලින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවද සඳහන් කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ධීකරණ පනත ප්‍රකාරව පැමිණිල්ලක් විභාග කරන බවත් එම පැමිණිල්ල අපරාධ නඩු විධාන සංග්‍රහයේ 192 වගන්තිය යටතේ විත්තිකරුවන් නොමැතිව විමර්ශනය සිදු කරන බවත් පෙන්වා දුන්නේය.ග්ලෝබල් නමැති පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් ජනතා මුදල් කෝටි ගණනින් බාරගෙන වංචා කිරීමට එරෙහිව හා නීති විරෝධී අයුරින් මුදල් රැස්කිරීම  සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රුචිර දේවප්‍රිය මහතා පෙනී සිටි අතර  සැකකරුවන් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතු හෙයින් ,බාල වයස්කාර දරුවා මිත්තනියට භාරගත හැකි බව සඳහන් කළේය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන හයවෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.



අදහස් (0)

කෝටි 200ක් වංචා කළ අඹු සැමි යුවල රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site