(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 200 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග බහු දින ධීවර යාත්‍රාවක් සමග ධීවරයන් හය දෙනකු ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
එම මත්ද්‍රව්‍ය තොගය ඉකුත් මස 21 වෙනි දින දෙවුන්දර සිදු වූ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙහි බාලේ මල්ලි නැමැත්තාට අයත් ඒවා බවට සැක කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
එම සැකකරුවන් සමග හොරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
ගෝනි හයක් තුළ මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබී ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිකුණාමල ධීවර වරායෙන් මුහුදු ගිය කුඩා වැල්ල බාසුරු ධීවර යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව සැකකරුවන් සමග මෙම බහු දින ධීවරයාත්‍රාව බටහිර මුහුදේ දි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ධීවරයන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කෝටි 200ක කුඩු මහ මුහුදෙන් අල්ලයි