IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටි 2ක් වියදම් වූ විභාගයෙන් දුම්රිය ස්ථානාධිපතිවරු 29යි

 

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතිවරු පත්කිරීම සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කර 2019 වසරේ පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල මත දුම්රිය ස්ථානාධිපතිවරු 29 ක් පමණක් බඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු පිරවීම සඳහා 2019 වසරේ ගැසට් කර 2021 වර්ෂයේ අදාල විභාගය අයදුම්කරුවන් 29,399 කගේ සහභාගිත්වයෙන්  දීපව්‍යාප්තව පවත්වා ප්‍රතිඵල නිකුත් කර ඇති බවත් කළමණාකාර සේවා දෙපාර්තමේන්තුව රජ්‍ය ප්‍රතිපත්ති සමඟ නව බඳවාගැනීම් කිරීමට අනුමැතිය නොදීම මත විශාල මුදලක් වියදම් කර පැවත්වූ විභාගය පදනම් කර ගනිමින් මේ වන විට දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා බඳවාගැනීමට හැකියාව ලැබී ඇත්තේ අයඳුම්කරුවන් 29 ක් පමණක් බවත් චාමර මහතා සඳහන් කළේය.

මෙම ගැටලු සම්බන්ධයෙන් පාලනාධිකාරිය දැනුවත් කළ ද ප්‍රගතියක් නොමැති බව කී කසුන් චාමර මහතා සඳහන් කළේ පවතින පුරප්පාඩු සඳහා මෙම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති අයඳුම්කරුවන් බඳවාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන බවත්ය.



අදහස් (2)

කෝටි 2ක් වියදම් වූ විභාගයෙන් දුම්රිය ස්ථානාධිපතිවරු 29යි

chandima Tuesday, 04 October 2022 07:35 PM

නෙලුම් පොකුණට, මත්තලට, වියදම් කරපුවගේ හැටියට ඕක මොකක්ද? අනික එහෙම තරග විභාගයක් නොතිබ්බා නම් ඔය වියදම් ගැන කියන කට්ටියම අනිත් පැත්තට බඳවා ගැනීම දූෂිතයි කියනවා. රජයේ නිලධාරිනුත් ගැලවෙන්න ඕනෑනේ. මේ කෝටි 02 අර මත්තල, නෙළුම් පොකුණ වගේ ගසාකන්න වියදම් පෙන්නපුවා නෙවෙයිනේ...!

:       0       0

Samitha Wednesday, 05 October 2022 05:38 AM

සල්ලි ගිලින මේක දැන්වත් විකුණලා දාන්න. වෙබ් එකේ දුම්රිය කාල සටහන් වත් මාස ගාණක් ගිහිල්ලත් තවම යාවත්කාලීන කරලා නෑ. ඒත් ඒ අංශය අය බර ගාණක් නිකම් පඩි ගන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site