IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි 16 රන් ජෙල් පන්නන්න බැරිවේ

(ටී.කේ.ජී.කපිල)

රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක වටිනා රත්තරන් ජෙල් සහ කුඩු තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට සූදානම් වූ ව්‍යාපාරිකයන් පස් දෙනකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි .

කටුනායක ගුවන් තොටුපොළ අශ්‍රිතව සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදු කරන මීගමුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයන් සිව් දෙනකු සහ 55 හැවිරිදි ව්‍යාපාරිකයකු මෙම රත්තරන් ජෙල් තොගය ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 650 ක් බරැති මෙම රත්තරන් ජෙල් කරළ් 23 ක් සහ රත්තරන් කුඩු අඩංගු පැකට් 10 ක් සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති රත්තරන් ජෙල් කරල් සහ රත්තරන් කුඩු පැකට් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කාර්මික පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ .



අදහස් (0)

කෝටි 16 රන් ජෙල් පන්නන්න බැරිවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site