IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.

අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 42 ග්‍රෑම් 890 ක් සහ හෙරොයින් මත්කුඩු කිලෝ 29 ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් හමු වී ඇති අතර එම මත්ද්‍රව්‍ය සමගින් බොරැල්ල සහ තලවතු ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 41 සහ 37 පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාල මධ්‍යස්ථානයේ සිට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කළ ලොරි රථයක විශේෂයෙන් සකස් කළ කුටියක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය හමු වී ඇති අතර එම ලොරි රථයේ පොල් විකිණීමට රැගෙන යන ආකාරයෙන් මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකළ ඇති බවට අනාවරණය වූ බවද වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

 



අදහස් (1)

කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු

Piyadasa Tuesday, 26 November 2024 07:54 PM

ඔය අල්ලන ඒවා ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ විනාශ කරන්න. නැත්නම් ඕවා පිටපාරෙන් ආපහු මාකට් එකට යනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site