
(ටී.කේ.ජී.කපිල )
හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 57 හැවිරිදි පාකිස්තානු ජාතික කාන්තාවක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙන බව හඟවමින් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් දරා තිබේ .
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් හත් කෝටි තිස්පන් ලක්ෂයක් පමණ වන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීයෙන් කීවේය.
අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක වෙනම ඇසුරුමක් ලෙස මෙම හෙරොයින් තොගය සකස් කර සගවා ගෙන තිබූ අතර එහි කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 450 ක් බරැති හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් තිබූ බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි හතක හෙරොයින් ගෙනා පකිස්තාන කත ගුවන්තොටේදී මාට්ටු
Nandalal DE SILVA - France Tuesday, 21 May 2024 07:06 PM
‘‘ගෑණු මොලේ හැඳි මිටටත් වඩා දිගයි‘‘ කියලා මගේ සීයා කියනවා.