
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩව් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 92 ට අධික වටිනා හසීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයන් තිදෙනකු තලෙයිමන්නාරම මුහුදේදී ,අද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
සැකකරුවන් සමග විශාල උර තුනක බහා තිබූ පාර්සල් 95ක අසුරන ලද හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 92 ක් හා ප්‍රවාහනයට යොදාගත් ඩව් යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත මැරින් බලඝණ නාවිකයන් තලෙයිමන්නාරම වැලි පර ආශ්‍රිත මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා යාත්‍රාකරමින් තිබූ මෙම යාත්‍රාව නිරීක්ෂණය කර අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සමග හසීස් මත්ද්‍රව්‍ය තොගය සහ ඩව් යාත්‍රාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෙයි මන්නාරම පොලිසිය වෙත භාරදී ඇත.

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි නවයක කුඩු නාවික හමුදාවට කොටු
සුපුන් Thursday, 06 April 2023 08:25 AM
නාවික හමුදාව රටට ඉතාමත් විශාල සේවයක් කරනවා. මේ දවස් දෙක තුන තුල මට මතක හැටියට පෙරේදා කෝටි 14ක කේරල ගංජා ඊයේ කොට් 10 කේරල ගංජා අද කෝටි 9ක කුඩු නාවික හමුදාවෙන් අල්ලලා තියෙනවා. චිරං ජයතු